එංගලන්තයට එරෙහි වන්නට එංගලන්තයෙන්ම තුරුම්පුවක්

Sri Lanka Tour Of England 2024

12
Sri Lanka Tour Of England 2024

එළඹෙන එංගලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රීඩක Ian Bell පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (13) නිවේදනය කළ පරිදි ඔහු එළඹෙන 16 වැනි දා සිට එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිමා වන තෙක් සිය ධුරයේ කටයුතු කරනු ඇති.

Bell විසින් එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 118ක දී 42.69ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟින් ලකුණු 7727ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, ඒ සඳහා ටෙස්ට් ශතක 22ක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

එංගලන්ත තණතීරු පිළිබඳ සහ තත්වයන් පිළිබඳ විශේෂඥ දැනුමැති අයකු ලෙස Bellගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් කාර්යයක් ඉටු වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ප්‍රධාන නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<