Major කුසලානයේ අවසන් මහා සටන

Major Club 50 Over Tournament 2024

24
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම තරගය සඳහා CCC කණ්ඩායම සහ Ace Capital කණ්ඩායම එක් වීමට නියමිතයි.

ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ පිළිවෙළින් SSC කණ්ඩායම සහ Moors කණ්ඩායම පරාජය කරමිනුයි.

1 වැනි අවසන් පූර්ව තරගය

  • SSC සහ CCC අතර තරගය, කොළඹ P. Sara Oval පිටියේ දී.

SSC – 239/10 (50.0) නුවනිඳු ප්‍රනාන්දු 61, අවිශ්ක ප්‍රනාන්දු 42, චතුරංග ද සිල්වා 3/41, ලක්ෂාන් සඳකැන් 3/44

CCC – 245/2 (35.3) පවන් රත්නායක නොදැවී 157, අංජල බණ්ඩාර නොදැවී 60, ප්‍රමෝද් මධුශාන් 1/43

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

2 වැනි අවසන් පූර්ව තරගය

  • Ace Capital සහ Moors අතර තරගය, කොළඹ 7, SSC ක්‍රීඩාංගණයේ දී.

Ace Capital – 222/10 (49.3) සම්මු අශාන් 62, වනුජ සහන් 60, දනුශ්ක උදාර 4/39, පසිඳු සූරියබණ්ඩාර 2/27

Moors – 124/10 (25.4) පසිඳු සූරියබණ්ඩාර 43, සොහාන් ද ලිවේරා 21, සිතුම් දිසානායක 4/40, නිම්සර අතරගල්ල 3/33

Ace Capital කණ්ඩායමට ලකුණු 98ක ජයක්.

අවසන් මහා තරගයට එක් වෙන කණ්ඩායම් 2 මේ දක්වා ගමන් මඟ

CCC Ace Capital CC
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
BRC CCC කඩුලු 9ක ජයක්. Negombo ACCC ලකුණු 22ක ජයක්.
Police CCC ලකුණු 66ක ජයක්. SSC ACCC කඩුලු 5ක ජයක්.
Moors CCC ලකුණු 74ක ජයක්. Tamil Union ACCC කඩුලු 7ක ජයක්.
Badureliya විසඳුමක් නෑ. Chilaw CC ACCC කඩුලු 7ක ජයක්.
Kurunegala CCC කඩුලු 7ක ජයක්. Bloomfield ACCC කඩුලු 5ක ජයක්.
Kandy CCC කඩුලු 5ක ජයක්. Panadura ACCC ලකුණු 79ක ජයක්.
Nugegoda විසඳුමක් නෑ. NCC NCC කඩුලු 3ක ජයක්.
Colts CCC ලකුණු 73ක ජයක්. Moors ACCC ලකුණු 98ක ජයක්.
SSC CCC කඩුලු 8ක ජයක්.    

අවසන් තරගයට එක් වෙන සටන්කාමී පිතිකරුවෝ

CCC කණ්ඩායම මෙම තරගාවලියට එක් වෙන්නේ තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා අතරට දෙදෙනෙක් එක් කර ගනිමින් වන අතර Ace Capital කණ්ඩායමට එතරමින් දක්ෂතා දැක් වූ කෙනෙක් නැහැ.

CCC කණ්ඩායමේ පවන් රත්නායක මේ වන විට පිතිකරු ලැයිස්තුවේ ලැයිස්තු ගත ව සිටින්නේ පළමු වැනියා ලෙසිනුයි. ඔහු මේ දක්වා තරග 9කට එක් වෙමින් ශතක 3ක් සමඟින් ලකුණු 489ක් ලබා සිටිනවා. එමෙන් ම එම කණ්ඩායමේ ම නිශාන් මධුශ්කට එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා. ඒ තරග 7ක දී ශතකයක් සමඟින් ලකුණු 336ක් ලබා ගනිමිනුයි.

තරගාවලියේ දක්ෂත ම පිතිකරු ලැයිස්තුවට Ace Capital කණ්ඩායමෙන් එක් වෙන පළමු වැන්නා වන්නේ නායක තනුක දාබරේ. ඔහු තරග 8කට එක් වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 264ක් ලබා ගන්නා ලද අතර ඔහුට එම දක්ෂතාවට එම ලැයිස්තුවේ හිමි ව ඇත්තේ 11 වැනි ස්ථානයයි.

ඊට අමතර ව එම ලැයිස්තුවේ ඊට පසු අසුන එම කණ්ඩායමේ ම සම්මු අශාන් හිමි කර ගන්නවා. ඔහු තරග 8ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 252ක් වන අතර ඊට අර්ධ ශතකයක් ද ඇතුලත්.

ඔවුන්ට අමතර ව මෙම ලැයිස්තුව හා ඉදිරියෙන් එක් වෙන CCC කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ සොනාල් දිනූෂ (176), අංජල බණ්ඩාර (148) සහ චමිඳු විජේසිංහ (97)යි.

Ace Capital කණ්ඩායම වෙනුවෙන් තරග 8ක දී ලකුණු 178ක් ලබා සිටින සකුණ ලියනගේ, තරග 8ක දී ලකුණු 164ක් ලබා සිටින පවන්ත වීරසිංහ සහ තරග 8ක දී ලකුණු 125ක් ලබා සිටින වනුජ සහන් විශ්වසනීය පිතිකරුවන් ලෙසින් ලැයිස්තු ගත ව සිටිනවා.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

CCC කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ චතුරංග ද සිල්වා යි. ඔහු තරග 7ක දී කඩුලු 18ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වෙනවා. ඊට අමතර ව කඩුලු 13ක් බැගින් දවා ගෙන සිටින සොනාල් දිනූෂ සහ ලක්ෂාන් සඳකැන් ද CCC කණ්ඩායමේ විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

Ace Capital කණ්ඩායමේ දක්ෂතා වැඩි වශයෙන් ම රැදී තිබෙන්නේ පන්දු යවන්නන් මතයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නන් ලෙසින් වනුජ සහන් සහ තනුක දාබරේ හැඳින්විය හැකියි.

ඒ අතුරින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් ව සිටින්නේ වනුජ සහන්. ඔහු කඩුලු 16ක් ලබා ඇති අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර ඔහුට 2 වැනි අසුන හිමි ව තිබෙනවා. තනුක දාබරේ ද මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය ලබා සිටින අතර ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 15ක්.

ඊට අමතර කඩුලු 9ක් ලබා සිටින සිතුම් දිසානයක, කඩුලු 7ක් ලබා සිටින පවන්ත වීරසිංහ මෙන් ම කඩුලු 5ක් බැගින් ලබා සිටින නිම්සර අතරගල්ල සහ සම්මු අශාන් ද විශ්වසනීය පන්දු යවන්නන් වී සිටිනවා.

 Ace Capital කණ්ඩායමේ සංචිතය:

තනුක දාබරේ (නායක), සම්මු අශාන්, වනුජ සහන්, සකුණ ලියනගේ, පවන්ත වීරසිංහ, රවීන් ද සිල්වා, සිතාර ගිම්හාන්, රවිඳු රත්නායක, කවිඳු අමන්ත, හිරාන් ජයසුන්දර, තීරක රණතුංග, දනාල් හේමානන්ද, හර්ෂ කුරේ, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක, අශාන් දිල්හාර, තරිඳු අමරසිංහ.

CCC කණ්ඩායමේ සංචිතය:

ලක්ෂාන් සඳකැන් (නායක), පවන් රත්නායක, ලසිත් කෲස්පුල්ලේ, චමිඳු විජේසිංහ, අංජල බණ්ඩාර, නිශාන් මධුශ්ක (කඩුලු රකින්නා), සොනාල් දිනූෂ, අශාන් ප්‍රියංජන්, විනුශ්ක සිල්වා, පවන් සංදේශ්, ඉසුරු උදාන, පවන් පතිරාජ, චතුරංග ද සිල්වා, දුවිඳු රණතුංග, වනිඳු හසරංග, ඉනුක කරන්නාගොඩ, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, සඳුන් මෙන්ඩිස්, තිසරු වන්නිනායක.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<