යොවුන් පිටියේ පළමු අර්ධ ශතකය හිරුණි ගෙන්

U 19 Girls Sri Lanka Youth League 2024

4
U 19 Girls Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලිය අද (07) සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට Galle U 19 Girls කණ්ඩායමේ හිරුණි හංසිකා සමත් වූවා.

ඇය Dambulla වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළා.

Galle U 19 Girls සහ Dambulla U 19 Girls අතර තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle U 19 Girls කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් හිරුණි හංසිකා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඊට අමතර ව සංජනා කාවින්දි පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 67ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා ට අමතර ව නෙතගි ඉසුරංජලී පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නෙත්මි උපේක්ෂා ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව කේශලී සනුලි, වගීෂා ජයවර්ධන සහ තරුශි උත්පලා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 61ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ වගීෂා ජයවර්ධනයි. ඇය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝද් මුණසිංහ, විශ්මි සාවින්දි සහ ශෙහාරා ඉඳුවරි කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී, රිශ්මි සංජනා ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle U 19 Girls – කඩුලු 6ක් දැවී 142 (20.0) සංජනා කාවින්දි 23, හිරුණි හංසිකා 51, නෙතඟි ඉසුරංජලී 27, නෙත්මි උපේඛා 3/18

Dambulla U 19 Girls – කඩුලු 8ක් දැවී 61 (20.0) චතුමිණි සඳකිරණි 10, චලනි කවීශා 11, වගීෂා ජයවර්ධන 12, චමෝදි මුණසිංහ 2/03, ශෙහාරා ඉඳුවරි 2/19, විශ්මි සාවින්දි 2/07

Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 81ක ජයක්.

Kandy U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් කොළඹ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ලිමි තිලකරත්න. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව දැහැමි සෙනෙත්මා පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූවා.

කඩුලු දවා ගැනීමේ දී නිරාශා ගිම්හානි ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නිය බවට පත් වූවා. ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර මිතාලි අයෝද්‍යා කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 2ක් පමණක් ඉතිරි ව තිබිය දී සපුරා ගත්තා.

එම ඉනිමේ ලකුණු 31කට කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී පිටියේ එක් වූ විමෝක්ෂා බාලසූරිය සහ කවිශ්කා අබේරත්න 5 වැනි කඩුල්ලට පන්දු 76ක දී නොදැවුණ ලකුණු 87ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහි දී විමොක්ෂා බාලසූරිය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද සහ කවිශ්කා අබේරත්න පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දැහැමි සෙනෙත්මා, එරන්දි වර්ණකුලසූරිය, දිනිති නාගසිංහ සහ රශ්මිලා නිශාදි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo U 19 Girls – කඩුලු 8ක් දැවී 115 (20.0) යෙනුලි සත්නදී 11, ලිමි තිලකරත්න 25, දැහැමි සෙනෙත්මා 24, ප්‍රමුදි මෙත්සරා 2/23, නිරාශා ගිම්හානි 3/13

Kandy U 19 Girls – කඩුලු 4ක් දැවී 118 (19.4) හිරුණි දිසානායක 18, විමෝක්ෂා බාලසූරිය නොදැවී 48, කවිශ්කා අබේරත්න නොදැවී 32, දිනිති නාගසිංහ 1/16

Kandy U 19 Girls කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<