Home Sinhala ජෙෆ්‍රි වැන්ඩසේ ශ්‍රී ලංකාවට පළමු ජය ගෙන එයි!

ජෙෆ්‍රි වැන්ඩසේ ශ්‍රී ලංකාවට පළමු ජය ගෙන එයි!

India Tour of Sri Lanka 2024

4

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (04) සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය ද ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, මෙවරත් ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා. 

ඒ අනුව ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක තරගයේ පළමු පන්දුවෙන් ම දැවී ගිය අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය 97ක් වන විට දැවී ගිය අතර, මෙහි දී අවිශ්ක ලකුණු 40ක් සහ කුසල් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා. 

මින් පසුව පිටියට පිවිසි සදීර ලකුණු 14කට දවා ගැනීමට Axar Patel සමත් වූ අතර, චරිත්ගේ ඉනිම ලකුණු 25කට සීමා වුනා. 

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් ම පන්දුවාර 35ක් වන විට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වූ අතර, ඒ වන විට ඔවුන් ලබාගැනීමට සමත් වී තිබුණේ ලකුණු 136ක් පමණයි. 

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ දුනිත් වෙල්ලාලගේ සහ අද තරගය වෙනුවෙන් කණ්ඩායමට එක් කළ කමිඳු මෙන්ඩිස් අතරේ ලකුණු 72ක වටිනා සබඳතාවක් නිර්මාණය වුනා. 

ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ මෙම සබඳතාව වෙනුවෙන් දුනිත් පන්දු 35ක් තුළ ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් ද අන්තර්ගත වුනා. කමිඳු මෙන්ඩිස් විසින් පන්දු 44ක් තුළ ලකුණු 40ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 240ක් කරා රැගෙන යාමට සමත් වුනා. 

ඉන්දියාව වෙනුවෙන් Washington Sundar කඩුලු 3ක් බිඳ හෙළනා අතරේ, Kuldeep Yadav කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 241ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ නායක Rohit Sharma සහ Shubman Gill අතරේ ලකුණු 97ක සබඳතාවක් නිර්මාණය වූ අතර, අද දිනයේ දී වනිඳු හසරංග වෙනුවෙන් කණ්ඩායමට එක් වූ ජෙෆ්‍රි වැන්ඩසේ විසින් මෙම සබඳතාව බිඳ දැමීමට සමත් වුනා. 

එතැනින් ද නතර නොවුනු වැන්ඩසේ විසින් ඉන්දීය ඉනිමේ තවත් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඒ අනුව එක් වරම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 147කට කඩුලු 6ක් ලෙස දිස් වුනා. 

කෙසේ වෙතත් මින් පසුව ඉන්දියාව ඉනිමේ හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. Axar Patel සහ Washington Sundar අතර ගොඩනැගුණු මෙම සබඳතාව බිඳ දැමීමට චරිත් අසලංක විසින් සමත් වූ අතර, එතැනින් ද නොනැවතුණු චරිත් ඉන්දීය ඉනිමේ තවත් කඩුලු දෙකක් ඉක්මනින් ම බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව පන්දුවාර 42 පන්දු 2ක් තුළ ඉන්දීය ඉනිමේ සියලු ම කඩුලු ලකුණු 208ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකාව සමත් වුනේ තරගාවලියේ පළමු ජය වාර්තා කර ගනිමිනුයි. 

තරගයේ වීරයා ලෙස ලකුණු 33කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ ජෙෆ්‍රි වැන්ඩසේ තෝරා ගැනුණා. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 07 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

එම තරගයේ උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
240/9 (50)

India
208/10 (42.2)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c KL Rahul b Mohammed Siraj 0 1 0 0 0.00
Avishka Fernando c & b Washington Sundar 40 62 5 0 64.52
Kusal Mendis lbw b Washington Sundar 30 42 3 0 71.43
Sadeera Samarawickrama c Virat Kohli b Axar Patel 14 31 1 0 45.16
Charith Asalanka c Axar Patel b Washington Sundar 25 42 3 0 59.52
Janith Liyanage  c & b Kuldeep Yadav 12 29 0 0 41.38
Dunith Wellalage c Shivam Dube b Kuldeep Yadav 39 35 1 2 111.43
Kamindu Mendis run out (Shreyas Iyer) 40 44 4 0 90.91
Akila Dananjaya run out (Rohit Sharma) 15 13 2 0 115.38
Jeffery Vandersay not out 1 1 0 0 100.00


Extras 24 (b 9 , lb 8 , nb 0, w 7, pen 0)
Total 240/9 (50 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Mohammed Siraj 8 1 43 1 5.38
Arshdeep Singh 9 0 58 0 6.44
Axar Patel 9 0 38 1 4.22
Shivam Dube 2 0 10 0 5.00
Washington Sundar 10 1 30 3 3.00
Kuldeep Yadav 10 1 33 2 3.30
Rohit Sharma 2 0 11 0 5.50


Batsmen R B 4s 6s SR
Rohit Sharma c Pathum Nissanka b Jeffery Vandersay 64 44 5 4 145.45
Shubman Gill c Kusal Mendis b Jeffery Vandersay 35 44 3 0 79.55
Virat Kohli lbw b Jeffery Vandersay 14 19 2 0 73.68
Shivam Dube lbw b Jeffery Vandersay 0 4 0 0 0.00
Axar Patel c & b Charith Asalanka 44 44 4 2 100.00
Shreyas Iyer lbw b Jeffery Vandersay 7 9 1 0 77.78
KL Rahul b Jeffery Vandersay 0 2 0 0 0.00
Washington Sundar lbw b Charith Asalanka 15 40 0 0 37.50
Kuldeep Yadav not out 7 27 0 0 25.93
Mohammed Siraj lbw b Wanindu Hasaranga 4 18 0 0 22.22
Arshdeep Singh run out (Kusal Mendis) 3 4 0 0 75.00


Extras 15 (b 4 , lb 6 , nb 1, w 4, pen 0)
Total 208/10 (42.2 Overs, RR: 4.91)
Bowling O M R W Econ
Asitha Fernando 7 0 31 0 4.43
Dunith Wellalage 6 0 41 0 6.83
Akila Dananjaya 10 0 54 0 5.40
Kamindu Mendis 3 0 19 0 6.33
Jeffery Vandersay 10 0 33 6 3.30
Charith Asalanka 6.2 0 20 3 3.23