2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ Repechage තරග වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ තරුෂි කරුණාරත්න හට හත් වැනි ස්ථානය හිමි වුනා.
අද (03) මධ්‍යම රාත්‍රියේ තරුෂි විසින් සිය පළමු ඔලිම්පික් අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලබා ගත් නමුත් එහි දී ඇයට එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
එම මූලික තරග වටයෙන් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩිකාවන් සඳහායි Repechage තරග වටය අද සවස් වරුවේ ක්‍රියාත්මක වුනේ.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
මෙහි දී තරුෂි විසින් මිනිත්තු 2.06.66ක කාලයක් වාර්තා කරමින් හත් වැනි ස්ථානයට පත් වුනා.
මේත් සමඟින් ම තරුෂි කරුණාරත්නගේ 2024 පැරිස් ඔලිම්පික් බලාපොරොත්තු වියැකී ගියත්, තවමත් 19 හැවිරිදි වියේ පසු වන ඇයට අනාගතය වෙනුවෙන් විශාල ජයග්‍රහණ රැසක් ඉතිරි වී ඇති බව සහතිකයි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>