තරුෂිට 08 වැනි ස්ථානය

Paris Olympics 2024

540
Tharushi Karunarathne

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටය නියෝජනය කළ තරුෂි කරුණාරත්නට 08 වැනි ස්ථානය හිමි වුනා.

තම මංගල ඔලිම්පික් උළෙල නියෝජනය කරන තරුෂි අද (03) මධ්‍යම රාත්‍රියේ කාන්තා මීටර 800 ඉසව්වේ හය වැනි මූලික වටයේ තරගයට සහභාගී වුනා.

මෙහි දී ඇය මිනිත්තු 2.07.76 කාලයක් වාර්තා කර ගනිමිනුයි 08 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනේ.

කෙසේ වෙතත් මෙම ධාවන කාලය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව හෝ මෙම තරග වාරයේ හොඳම ධාවන කාලයට ආසන්න එකක් හෝ වුනේ නැහැ.

ඒ අනුව මෙම දක්ෂතාව ඇයට ඉසව්වේ මීළඟ වටයට පිවිසීමට තරම් ප්‍රමාණවත් නොවුනත්, ඇයට ඇති ඔලිම්පික් සිහිනය මෙතෙකින් නිමා නොවීම විශේෂත්වයක්.

ඒ අනුව තරුෂි විසින් තම මීළඟ අවස්ථාව උරගා බැලීම වෙනුවෙන් හෙට දහවලේ දී නැවතත් කාන්තා මීටර් 800 Repechage තරග සඳහා සහභාගී වනු ඇති.

මුල් තරග අවස්ථාවල දී ඉදිරි වටයට සහභාගී වීමට වරම් නොලද ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම තරග හෙට දහවල් 2.50 සිට ආරම්භ වනු ඇති.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>