පවන් පිට පිට 2 වැනි ශතකයත් රැස් කරයි 

Major Club 50 Over Tournament 2024

3
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (02) විවිධ ක්‍රීඩාංගණවල දී නිමා වෙද්දී CCC කණ්ඩායමේ 21 වැනි වියේ පසුවෙන පවන් රත්නායක Colts කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.

ඒ ඔහු මෙවර තරගාවලියේ පිට පිට ලබා ගන්නා ලද 2 වැනි ශතකයයි. පවන් රත්නායක මෙම තරගයේ දී පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 65ක හොඳම ඉනිම බවට ද පත් වුනා.

එමෙන් ම ඔහු සොනාල් දිනූෂ සමඟ එක්වෙමින් 4 වැනි කඩුල්ලට ලකුණු 191ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. තම පළමු පෙළ එක්දින 50 වැනි තරගයට ක්‍රීඩා කළ සොනාල් දිනූෂ මෙම තරගයේ දී ලකුණු 88ක් ලබා ගන්නා ලද අතර ඒ අනුව ඔහු එම තරගවල ලකුණු 1000 කඩඉම වාර්තා කිරීමට ද සමත් වුනා.

මේ අතර NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ අද Negombo කණ්ඩායමට එරෙහි ව පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 71 තම 41ක් වන පළමු පෙළ තරගවල හොඳම ඉනිම බවට පත් කර ගත්තා.

එමෙන් ම Colts කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ද අද තම 47ක් වන පළමු පෙළ එක්දින තරග අතරේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වෙනවා. ඔහු CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.

BRC කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු දිනුරු අබේවික්‍රමසිංහ ද අද තම තරග 3ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වුනා. ඒ Kandy Customs කණ්ඩායමට එරෙහි ව පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමිනුයි.

ඔවුන්ට අමතර ව Negombo කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන, SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල සහ නිපුන් ධනංජය ද අද දවසේ දී අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ තරග 55ක් වන පළමු පෙළ එක්දින හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

මේ අතර අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතව තිබූ A කාණ්ඩයේ තරගයක් වන Ace Capital සහ Ragama CC අතර තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

  • A කාණ්ඩය

Negombo CC සහ NCC අතර කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

 

Negombo CC – සියලුම දෙනා දැවී 193 (45.3) කේශාන් වන්නිආරච්චි 22, මිලින්ද සිරිවර්ධන 52, ශෙෂාන් ප්‍රනාන්දු 46, අශේන් ඩැනියෙල් 2/41, ලසිත් ඇඹුල්දෙණිය 2/39, සහන් ආරච්චිගේ 2/46, රවීන් සේයර් 3/28

 

NCC – සියලුම දෙනා දැවී 181 (44.1) කමිල් මිෂාර 24, අහන් වික්‍රමසිංහ 71, ඩිල්ශාන් මුණවීර 3/40, පසිඳු උස්හෙට්ටිගේ 4/40

 

Negombo කණඩායමට ලකුණු 12ක ජයක්.

Bloomfield C & AC සහ SSCඅතර SSC ක්‍රීඩාංගණයේ දී.

 

Bloomfield C & AC – සියලුම දෙනා දැවී 170 (40.3) රොන් චන්ද්‍රගුප්ත 23, හසිත බෝයගොඩ 41, ලහිරු මධුශංක 19, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 42, නුවනිඳු ප්‍රනාන්දු 5/28, කවිඳු නදීශාන් 3/26

 

SSC – කඩුලු 2ක් දැවී 173 (28.5) ක්‍රිශාන් සංජුල නොදැවී 92, නිපුන් ධනංජය නොදැවී 57, දිනෙත් සමරවීර 2/25

 

SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Panadura SC සහ Tamil Union C & AC අතර තරගය පානදුර ක්‍රීඩාංගණයේ දී.

 

Panadura SC – සියලුම දෙනා දැවී 100 (21.1) එරංග ජයකොඩි 36, තරිඳු රත්නායක 4/13, මිරංග වික්‍රමගේ 3/22

 

Tamil Union C & AC – කඩුලු 2ක් දැවී 101 (10.5) සඳුන් වීරක්කොඩි 44, සිතාර හපුහින්න නොදැවී 34, ඉම්තියාස් ස්ලාසා 2/61

 

Tamil Union කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • B කාණ්ඩය

BRC සහ Kandy Customs CC අතර තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

 

Kandy Customs CC – කඩුලු 9ක් දැවී 169 (50.0) සදිශාන් චමෝද්‍ය 19, යොහාන් මද්දගේ 21, සලිඳු පතිරණ 28, නදුන් ඩිල්ශාන් 36, සමිත සඳරුවන් නොදැවී 23, චමින්ද බණ්ඩාර 3/37, චමීර දිසානායක 2/35

 

BRC – කඩුලු 9ක් දැවී 173 (46.4) තරුෂ්ක අශේල් 42, රන්දුණු ගංගනාත් 22, දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී 55, උස්මාන් ඉශාක් 2/33, කෞමාල් නානායක්කාර 2/24

 

BRC කණ්ඩායමට කඩුල්ලක ජයක්.  

CCC සහ Colts CC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

CCC – කඩුලු 7ක් දැවී 297 (47.0) විනුශ්ක සිල්වා 26, පවන් රත්නායක 124, සොනාල් දිනූෂ 88, චමිඳු විජේසිංහ නොදැවී 32, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 2/53, මුදිත ලක්ෂාන් 2/45

 

Colts CC – සියලුම දෙනා දැවී 224 (34.3) ශලින් ද සිල්වා 19, සනෝජ් දර්ශික 22, රවිඳු රසාන්ත 34, මුදිත ලක්ෂාන් 68, චතුරංග ද සිල්වා 2/52, ලක්ෂාන් සඳකැන් 2/41, සොනාල් දිනූෂ 2/20

 

CCC කණ්ඩායමට ලකුණු 73ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<