ධර්මාශෝකයට මේස පන්දු ශූරතා ත්‍රිත්වයක්

All Island Inter Schools Table Tennis Team Championship

4

රී ලංකා පාසල් මේස පන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා අන්තර් පාසල් මේස පන්දු කණ්ඩායම් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් වූවා.  

බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති මෙම තරගාවලියේ දී ඔවුන් වයස අවුරුදු 18න් පහළ A කොටසේ බාලිකා ශූරතාව, වයස අවුරුදු 12න් පහළ A කොටසේ බාලක ශූරතාව සහ එම වයස් කාණ්ඩයේ ම B කොටසේ බාලක ශූරතාව ද දිනා ගත්තා. ඊට අමතර ව ඔවුන් වයස අවුරුදු 12න් පහළ A කොටසේ බාලිකා අනුශූරතාව ද දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.  

මේ අතර පැවැති තරගාවලියේ 18න් පහළ A කොටසේ බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනාගත් අතර 12න් පහළ A කොටසේ බාලිකා ශූරතාව මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.   

තරග ප්‍රතිළුල 

වයස අවුරුදු 12න් පහළ (පිරිමි)  

ජයග්‍රාහී ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම අකිත රන්දුල්, ඔනෙල් ශම්මික, මොනිෂ් රන්දුල සහ සනෝන් දුල්ජිත්. 

A කොටසේ ශූරතාව:  

කොළඹ නාලන්දා විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ ආනන්ද විද්‍යාලයට සහ කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.  

B කොටසේ ශූරතාව: 

බෝපිටිය ලොයොලා විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට හිමි විය.  

C කොටසේ ශූරතාව: 

නුගේගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලය තරග වට 3-2කින් පරාජයට පත් කළ කොළඹ හින්දු විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි විය. 

D කොටසේ ශූරතාව: 

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල තරග වට 3-2කින් පරාජයට පත් කළ මහනුවර රාජකීය මධ්‍ය විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ හින්දු විද්‍යාලයට සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට හිමි විය. 

E කොටසේ ශූරතාව: 

මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසල තරග වට 3-2කින් පරාජයට පත් කළ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන මහනුවර රාජකීය මධ්‍ය විද්‍යාලයට සහ පානදුර සුමංගල විද්‍යාලයට හිමි විය. 

F කොටසේ ශූරතාව: 

කොළඹ කේරි විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ මහනුවර Ecole ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන නාවින්න Polymath ජාත්‍යන්තර පාසලට සහ යාපනය හින්දු විද්‍යාලයට හිමි විය. 

H කොටසේ ශූරතාව: 

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ මහනුවර Springfield ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන බද්දෙගම ක්‍රිස්තුදේව විද්‍යාලයට සහ කොළඹ මහානාම විද්‍යාලයට හිමි විය. 

වයස අවුරුදු 12න් පහළ (බාලිකා) 

ජයග්‍රාහී මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය කණ්ඩායමේ යෙහන්සා මිරිහාන, මහීශා ජයරත්න, රනුමි පටබැඳි සහ සහේලී සිරිවර්ධන ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමයේ ලේකම් චමින්ද රොෂාන් මහතා සහ ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමයේ හිටපු ලේකම් දීපාල් පියතිස්ස මහතා සමඟ. 

A කොටසේ ශූරතාව:  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තරග වට 3-2කින් පරාජයට පත් කළ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන මහනුවර මහමායා විද්‍යාලයට සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට හිමි විය. 

B කොටසේ ශූරතාව: 

අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ ගම්පහ සිරි කුරුස විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන මහනුවර උසස් බාලිකා විද්‍යාලයට සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිමි විය. 

C කොටසේ ශූරතාව: 

අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ මහනුවර හිල්වුඩ් විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයට සහ මහනුවර මහමායා විද්‍යාලයට හිමි විය. 

D කොටසේ ශූරතාව: 

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය තරග වට 3-2කින් පරාජයට පත් කළ කොළඹ අනුලා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ බිෂොප් විද්‍යාලයට සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමි විය. 

E කොටසේ ශූරතාව: 

නුගේගොඩ අනුලා විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ බිෂොප් විද්‍යාලයට සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි විය. 

F කොටසේ ශූරතාව: 

නාවින්න Polymath ජාත්‍යන්තර පාසල තරග වට 3-0කින් පරාජයට පත් කළ මහනුවර Ecole ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට සහ කොළඹ මෙතෝදිස්ට් විද්‍යාලයට හිමි විය. 

වයස අවුරුදු 18න් පහළ (බාලක) 

ජයග්‍රාහී කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම – අකිල් තිලකසේකර, ඉසිත බාලසූරිය, ඩිරන් හාමර්, ජනිත් බටුගෙදර සහ ලිතුම් කරුණාසේන 

A කොටසේ ශූරතාව: 

කොළඹ ආනන්ද විද්‍යාලය තරග වට 3-1කින් පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමි විය. 

B කොටසේ ශූරතාව: 

 කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන බෝපිටිය ලොයලා විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හිමි විය. 

C කොටසේ ශූරතාව: 

කෑගලු විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ කෑගල්ල සාන්තා මරියා විද්‍යාලය විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථාන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට හිමි විය. 

D කොටසේ ශූරතාව: 

මාලබේ හොරයිසන් ජාත්‍යන්තර පාසල තරග වට 3-1කින් පරාජයට පත් කළ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට හිමි විය. 

E කොටසේ ශූරතාව: 

යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරග වට 3-2කින් පරාජයට පත් කළ මොරටුව මෙතෝදිස්ට් උසස් විද්‍යාලයට විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන වත්තල OKI ජාත්‍යන්තර පාසල සහ බණ්ඩාරවෙළ සාන්ත තෝමස් විද්‍යාලයට හිමි විය. 

F කොටසේ ශූරතාව: 

නාවින්න පොලිමැත් ජාත්‍යන්තර පාසල තරග වට 3-1කින් පරාජයට පත් කළ අළුත්ගම මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද තෙවැනි ස්ථාන නුගේගොඩ සාන්ත තෝමස් විද්‍යාලය සහ මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට හිමි විය. 

වයස අවුරුදු 18න් පහළ (බාලිකා) 

A කොටසේ ශූරතාව:  

කෑගලු බාලිකා විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ විශාකා විද්‍යාලය සහ ගම්පහ සිරි කුරුස විද්‍යාලයට හිමි විය. 

ජයග්‍රාහී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම චන්මිණි බිහාරා, විනුකි ජනිත්මා. දිව්‍යා ධරණි, ලෙසන්‍යා සෙතුම්දි සහ සිඳුමි දහම්සා යන අයගෙන් සමන්විත වූවා. 

B කොටසේ ශූරතාව: 

මහනුවර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය තරග වට 3-0කින් පරාජයට පත් කළ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ කාන්තා විද්‍යාලයට සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට හිමි විය. 

C කොටසේ ශූරතාව: 

කොළඹ විශාකා විද්‍යාලය තරග වට 3-0කින් පරාජයට පත් කළ මහනුවර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන මහනුවර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට සහ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට හිමි විය. 

D කොටසේ ශූරතාව: 

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයට හිමි විය. 

E කොටසේ ශූරතාව: 

මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය තරග වට 3-1කින් පරාජයට පත් කළ කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ Saiva Mangaiyar විද්‍යාලයට සහ කොළඹ සාන්ත ලෝරන්ස් කාන්තා විද්‍යාලයට හිමි විය. 

F කොටසේ ශූරතාව: 

කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය තරග වට 3-2කින් පරාජයට පත් කළ මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර තෙවැනි ස්ථාන කොළඹ ගේට්ටේ ජාත්‍යන්තර පාසල සහ මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයට හිමි විය. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<