කුරුණෑගල, බදුරලිය පළමු ජය ලබයි

Major Club 50 Over Tournament 2024

3
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග 2ක් අද (01) නිමා වුනා.

එහි දී Moors කණ්ඩායමට එරෙහි ව Baduraliya කණ්ඩායම ද සහ Police කණ්ඩායමට එරෙහි ව Kurunegala කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා. එම කණ්ඩායම් 2 ම මෙවර තරගාවලියේ මෙතෙක් නිමා වූ තරගවල දී ජයග්‍රහණය කළ පළමු තරග වූයේ මෙයයි.

නිමා වූ තරගවල දී  Baduraliya කණ්ඩායමේ දුනිත් ජයතුංග, Kurunegala කණ්ඩායමේ දිල්හාර පොල්ගම්පොල සහ ගයන වීරසිංහ අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනා.

ගයන වීරසිංහ පසුගියදා පැවැති වයස අවුරුදු 19න් පහළ එංගලන්ත කණඩායමට එක් වෙමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මෙම තරගයේ දී පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 2ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම ලෙසින් ද සටහන් වුනා.

පන්දු යැවීමේ දී Moors කණ්ඩායමේ රොහාන් සංජය, Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන, Baduraliya කණ්ඩායමේ චානක කොමසාරු සහ ලහිරු ගමගේ කඩුලු 3ක් බැගින් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Baduraliya SC අතර මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.

 

Baduraliya SC – කඩුලු 9ක් දැවී 207 (50.0) දුනිත් ජයතුංග 77, සදීප් කවිශ්ක 25, රසඳු සිල්වා 21, ප්‍රවීන් ජයවික්‍රම 2/32, දනුශ්ක උදාර 2/44, රොහාන් සංජය 3/30

 

Moors SC – සියලුම දෙනා දැවී 103 (31.3) සොහාන් ද ලිවේරා 22, පසිඳු සූරියබණ්ඩාර 36, ලහිරු ගමගේ 3/31, රුසඳු සිල්වා 2/31, සදීප් කවිශ්ක 2/10, චානක කොමසාරු 3/10

 

Baduraliya කණ්ඩායමට ලකුණු 104ක ජයක්.

Kurunegala YCC සහ Police SC අතර කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

 

Kurunegala YCC – කඩුලු 6ක් දැවී 256 (50.0) දිල්හාර පොල්ගම්පොල 82, ගයන වීරසිංහ 84, අසන්ත බස්නායක නොදැවී 37, කවිඳු පතිරත්න 2/38, නලින් ප්‍රියදර්ශන 3/50

 

Police SC – සියලුම දෙනා දැවී 136 (37.0) රශ්මික හිරුශාන් 32, කවිඳු පතිරත්න 45, අරවින්ද ප්‍රේමරත්න 2/22, කසුන් ඒකනායක 2/30, ගයන වීරසිංහ 2/17

 

Kurunegala කණ්ඩායමට ලකුණු 120ක ජයක්.  

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<