මතීෂ සහ ඩිල්ශාන් එක්දින සංචිතයෙන් ඉවතට

India Tour of Sri Lanka 2024

10
Mohamed Shiras & eshan malinga included to sri lanka odi squad

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක ඉවත් කර තිබෙනවා.

පසුගිය දා නිමා වූ ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ මතීෂ සහ ඩිල්ශාන් දෙදෙනා ම පසුව නම් කළ එක්දින සංචිතයේ ද මුල් තෝරා ගැනීම් අතර රැඳුණා.

කෙසේ වෙතත් ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ පරිදි මතීෂ පතිරණ වෙනුවට මොහොමඩ් ශිරාස් සංචිතයට ඇතුළත් වන බව ආරංචි වුනා.

මේ අතර ශිරාස්ට අමතරව එශාන් මාලිංග ද එක්දින සංචිතය ඇතුළත් කර ඇත්තේ  ඩිල්ශාන් මදුශංක ද සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කරමිනුයි.

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<