පවන් සහ ශිරාෂ් ගෙන් කැපී පෙණෙන දක්ෂතා

Major Club 50 Over Tournament 2024

1
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (30) විවිධ ක්‍රීඩාංගණවල දී නිමා වූ අතර එහි දී CCC කණ්ඩායමේ පවන් රත්නායක සහ BRC කණ්ඩායමේ මොහොමඩ් ශිරාෂ් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට සමත් වූවා.

CCC කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු පවන් රත්නායක Nugegoda කණ්ඩායමට එරෙහි ව ශතයක් වාර්තා කරමින් පිතිකරුවන් අතුරින් දිනයේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා බවට පත් වූවා. ඔහු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත් අතර එය ඔහුගේ ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල 3 වැනි ශතකයයි.

ඔහු අංජල බණ්ඩාර සමඟ සිව් වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 127ක දී ලකුණු 163ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. එහි දී අංජල බණ්ඩාර පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තා. එය අංජල බණ්ඩාර ගේ තරග 3ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිමයි.

BRC කණ්ඩායම නියෝජනය කරන 29 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන මොහොමඩ් ශිරාෂ් Kurunegala යොවුන් කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට කඩුලු 6ක් දවා ගන්නවා.

ශිරාෂ් මොහොමඩ් එය තම තරග 47ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීම බවට පරිවර්ථනය කර ගැනීමට ද සමත් වූවා.

SSC කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් ද NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 95ක් ලබා ගනිමින් තම තරග 19ක් වන පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගවල හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් වූ අතර  අද පැවැති තරගවල දී Negombo කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර සහ හිමාෂ ලියනගේ ද අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර B කාණ්ඩයේ පැවැත්විමට නියමිත ව තිබූ Police සහ Baduraliya කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

  • A කාණ්ඩය

Negombo CC සහ Ragama CC අතර කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

 

Negombo CC – කඩුලු 7ක් දැවී 200 (45.0) ඩිල්ශාන් මුණවීර 54, කේශාන් වන්නිආරච්චි 26, හිමාෂ ලියනගේ නොදැවී 59, නිශාන් පීරිස් 21, කල්හාර සේනාරත්න 4/34

 

Ragama CC – සියලුම දෙනා දැවී 85 (28.3) චමත් ගෝමස් 19, ඩිල්ශාන් මුණවීර 2/23, පසිඳු උස්හෙට්ටිගේ 4/14, නිශාන් පීරිස් 4/15

 

Negombo කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 83ක ජයක්.

NCC සහ SCC අතර NCC ක්‍රීඩාංගණයේ දී.

 

SSC – කඩුලු 3ක් දැවී 283 (46.0) නිපුන් ධනංජය 39, ශෙවෝන් ඩැනියෙල් 95, ක්‍රිශාන් සංජුල නොදැවී 89, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 29, සහන් ආරච්චිගේ 2/50

 

තරගයේ විසඳුමක් නෑ.

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

Chilaw Marians CC – කඩුලු 9ක් දැවී 144 (32.0) සුමින්ද ලක්ෂාන් 28, ඩිල්ශාන් සංජීව 26, සචිත ජයතිලක 4/23, රවිඳු ප්‍රනාන්දු 2/21, චමත් වික්‍රමසිංහ 2/15

 

තරගයේ විසඳුමක් නෑ.

Ace Capital CC සහ Panadura SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

 

Ace Capital CC – කඩුලු 9ක් දැවී 171 (43.0) සිතාර ගිම්හාන් 37, සකුන ලියනගේ 31, රවීන් ද සිල්වා නොදැවී 32, නිමේෂ් විමුක්ති 2/29, ඉම්තියාස් ස්ලාසා 3/30

 

Panadura SC – සියලුම දෙනා දැවී 92 (30.1) ඔෂද ප්‍රනාන්දු 21, සිතුම් දිසානායක 2/19, වනුජ සහන් 2/17, තනුක දාබරේ 3/20, තීරක රණතුංග 2/12

 

Ace Capital කණ්ඩායමට ලකුණු 79ක ජයක්.

  • B කාණ්ඩය

BRC සහ Kurunegala YCC අතර වෙළගෙදරක්‍රීඩාංගණයේ දී.

 

Kurunegala YCC – සියලුම දෙනා දැවී 67 (24.0) සියලුම දෙනා දැවී 67 (24.0) තරිඳු කෞෂාල් 19, චමින්ද බණ්ඩාර 2/14, මොහොමඩ් ෂිරාශ් 6/21, මර්වින් අභිනාශ් 2/10

 

BRC – කඩුලු 4ක් දැවී 70 (8.3) රවිජ සඳරුවන් 27, කවික ඩිල්ශාන් 3/30

 

BRC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.

Moors SC සහ Colts CC අතර Colts ක්‍රීඩාංගණයේ දී.

 

Colts CC – කඩුලු 7ක් දැවී 198 (34.0) ශලින් ද මැල් 27, සනෝජ් දර්ශික 20, ධනංජය ලක්ෂාන් 23, රවිඳු රසාන්ත 63, සුකිත මනෝජ් 26, දනුශ්ක උදාර 2/25, ටිලංග උදේශන 2/35

 

තරගයේ විසඳුමක් නෑ.

CCC සහ Nugegoda S & WC අතර SSC ක්‍රීඩාංගණයේ දී.

 

CCC – කඩුලු 4ක් දැවී 227 (34.0) අංජල බණ්ඩාර නොදැවී 76, පවන් රත්නායක 100, ශෙෂාන් මාරසිංහ 2/41

 

තරගයේ විසඳුමක් නෑ.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<