ශ්‍රී ලංකාවට නව එක්දින නායකයෙක්!

India Tour of Sri Lanka 2024

4
India Tour of Sri Lanka 2024

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහි දී මෙතෙක් කල් ශ්‍රී ලංකා එක්දින නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් හට සිය නායකත්වය අහිමි වී ඇති අතර, වත්මන් විස්සයි විස්ස නායක චරිත් අසලංක නව එක්දින නායකයා ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් සංචිතයේ තවදුරටත් රැඳී සිටින අතර, විස්සයි විස්ස සංචිතයෙන් හැලී ගිය සදීර සමරවික්‍රම ද එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම සාර්ථක එක්දින පිතිකරණ දක්ෂතා දක්වමින් සිටි ජනිත් ලියනගේට අමතරව නිශාන් මදුශ්ක සහ අකිල ධනංජය ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුශ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු

දෙරට අතර එක්දින තරගාවලිය එළඹෙන අගෝස්තු 02 දා ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය අගෝස්තු මස 04 සහ 07 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<