ජනිශ්ක සහ ප්‍රවීන් දක්ෂා දක්වයි

Major Club 50 Over Tournament 2024

8
Major Club 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තවත් තරගයක් ඊයේ (28) දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා. Police ක්‍රීඩා සමාජය සහ Moors ක්‍රීඩා සමාජය අතර පැවැති එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Moors කණ්ඩායම සමත් වුනා.  

කාසියේ වාසිය ජයග්‍රහණය කළ Moors නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Police ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Moors කණ්ඩායම තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා සිටියා.  

ඒ වෙද්දී ඩක්වර් ලුවිස් ගණනය කිරීම අනුව තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට නම් Moors ක්‍රීඩකයෝ ලකුණු 162ක් ලබා සිටිය යුතුව තිබූ අතර එම ලකුණු ප්‍රමාණය අභිබවා ගොස් සිටි බැවින් තරගයේ ජයග්‍රහණය Moors කණ්ඩායම සතු වූවා.  

එම තරගයේ Police කණ්ඩායම වෙනුවෙන් රශ්මික හිරුශාන් සහ නදීර බාලසූරිය ලකුණු 32ක් බැගින් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වෙද්දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 39කට කඩුලු 4ක් බිඳ හෙළමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මිලාන් රත්නායක ද කඩුලු 2ක් දවා ගත්තා.

Moors ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. එය ජනිශ්ක පෙරේරා ගේ මෙවර මෙම තරගාවලියේ ලබා ගත් 3 වැනි අර්ධ ශතකයයි.  

ඊට අමතර ව දිනුක ඩිල්ශාන් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නලින් ප්‍රියදර්ශන සහ රශ්මික හිරුෂාන් කඩුලු 2ක් බැගින් දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Police SC – කඩුලු 9ක් දැවී 189 (50.0) ධනුජ ඉඳුවර 25, රශ්මික හිරුශාන් 32, නදීර බාලසූරිය 32, මිලාන් රත්නායක 2/28, ප්‍රවීන් ජයවික්‍රම 4/39

 

Moors SC – කඩුලු 7ක් දැවී 187 (44.0) ජනිශ්ක පෙරේරා 77, දිනුක ඩිල්ශාන් 32, පසිඳු සූරියබණ්ඩාර 26, රොහාන් සංජය නොදැවී 19, නලින් ප්‍රියදර්ශන 2/38, රශ්මික හිරුශාන් 2/52

 

Moors කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්.  

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (30) වැනිදා පැවැත්වීමට නියමිතයි.  

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<