Home Sinhala ඉන්දියාව පහසුවෙන් ම තරගාවලි ජයක් කරා යයි

ඉන්දියාව පහසුවෙන් ම තරගාවලි ජයක් කරා යයි

India Tour of Sri Lanka 2024

21
India tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (28) රාත්‍රියේ සමත් වුනා. 

තරගයේ කාසියේ වාසිය මෙවර ඉන්දීය නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණය ආරම්භ කිරීමට පිටියට පිවිසුණ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. අද දිනයේ දී කුසල්ගේ ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, ඉන් පසුව කඩුල්ලට පිවිසි කුසල් පෙරේරා පැතුම් සමඟ එක් වී ලකුණු 54ක් එක් කිරීමට සමත් වුනා. පෙර දිනයේ දී සාර්ථක පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක අද දිනයේ ද පන්දු 24කින් ලකුණු 32ක් වාර්තා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් පැතුම්ගේ කඩුල්ල බිඳ හෙළීමට Ravi Bishnoi සමත් වූ අතර, ඉන් පසුව කුසල් පෙරේරාගේ සහයට කමිඳු මෙන්ඩිස් කඩුල්ලේ එක් වුනා. ඔවුන් දෙදෙනා විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. 

මෙහි දී කමිඳු විසින් ලකුණු 26කින් ඉනිමට දායකත්වය ලබා දුන්නා. මේ අතරේ කුසල් පෙරේරා පන්දු 34කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. 

කමිඳු සහ කුසල් දෙදෙනා ම ඉනිමේ ලකුණු තත්වය 139ක් වන විට දැවී ගිය අතර, ඉන් පසුව පෙර තරගයේ මෙන්ම ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීමට ආරම්භ වුනා. 

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6ම ලකුණු 31ක් තුළ බිඳ වැටුණු අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 161කින් නතර වුනා. 

ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Ravi Bishnoi කඩුලු 3ක් බිඳ හෙළද්දී, Arshdeep Singh, Axar Patel සහ Hardik Pandya කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 162ක ඉලක්කය හඹා යාම සඳහා ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස Sanju Samson සහ Yashasvi Jaiswal පිටියට පිවිසුණු අතර, ඉනිමේ පළමු පන්දුවාරය තුළ ම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය සැලකිය යුතු කාලයක් නතර කර තැබීමට සිදු වුනා. 

මේ අනුව වර්ෂාවෙන් පසු තරගය ආරම්භ කිරීමේ දී ඉන්දියාවට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 8කින් ලකුණු 78ක ඉලක්කයක් හිමි වුනා. 

මෙම ඉලක්කය ඉන්දීය පිතිකරුවන් විසින් ඉතා පහසුවෙන් හඹා යාමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් Jaiswal ලකුණු 30කින් දායක වුනා. ඔවුන් පන්දුවාර 6 පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනා. තරගාවලියේ මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන අඟහරුවාදා (30) පැවැත්වීමට නියමිතයි. 

ඉන්දු ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

Result


Sri Lanka
161/9 (20)

India
81/3 (6.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Ravi Bishnoi 32 23 5 0 139.13
Kusal Mendis c Ravi Bishnoi b Arshdeep Singh 10 11 2 0 90.91
Kusal Perera c Rinku Singh b Hardik Pandya 54 34 6 2 158.82
Kamindu Mendis c Rinku Singh b Hardik Pandya 26 23 4 0 113.04
Charith Asalanka c Sanju Samson b Arshdeep Singh 14 12 0 1 116.67
Dasun Shanaka b Ravi Bishnoi 0 1 0 0 0.00
Wanindu Hasaranga b Ravi Bishnoi 0 1 0 0 0.00
Ramesh Mendis st Rishab Pant b Axar Patel 12 10 0 1 120.00
Mahesh Theekshana b Axar Patel 2 3 0 0 66.67
Matheesha Pathirana not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0)
Total 161/9 (20 Overs, RR: 8.05)
Bowling O M R W Econ
Mohammed Siraj 3 0 27 0 9.00
Arshdeep Singh 3 0 24 2 8.00
Axar Patel 4 0 30 2 7.50
Ravi Bishnoi 4 0 26 3 6.50
Riyan Parag 4 0 30 0 7.50
Hardik Pandya 2 0 24 2 12.00


Batsmen R B 4s 6s SR
Yashasvi Jaiswal c Dasun Shanaka b Wanindu Hasaranga 30 13 3 2 230.77
Sanju Samson b Maheesh Theekshana 0 1 0 0 0.00
Suryakumar Yadav c Dasun Shanaka b Matheesha Pathirana 26 12 4 1 216.67
Hardik Pandya not out 22 9 3 1 244.44
Rishab Pant not out 2 2 0 0 100.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 81/3 (6.3 Overs, RR: 12.46)
Bowling O M R W Econ
Dasun Shanaka 1 0 12 0 12.00
Maheesh Theekshana 2 0 16 1 8.00
Wanindu Hasaranga 2 0 34 0 17.00
Matheesha Pathirana 1.3 0 18 1 13.85



>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<