රොන්, පුලිඳු සහ කෙවින් කුළුඳුල් ශතක වාර්තා කරයි

Major Club 50 Over Tournament

101
Major Club 50 Over Tournament

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මාසයක පමණ කාලයක විරාමයකින් අනතුරු ව අද (27) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තම කුළුඳුල් ශතක වාර්තා කිරීමට රොන් චන්ද්‍රගුප්ත, පුලිඳු පෙරේරා සහ කෙවින් පෙරේරා සමත් වෙද්දී එශාන් මාලිංග තම හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා. 

Bloomfield කණ්ඩායමේ 29 හැවිරිදි වියේ පසුවෙන රොන් චන්ද්‍රගුප්ත Tamil Union කණ්ඩායමට එරෙහි ව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 141ක් ලබා ගත්තා.

එය ඔහුගේ තරග 75ක් වන පළමු පෙළ එක්දින තරග පිටියේ මංගල ශතකය වන අතර එම කණ්ඩායමේ ම අසිත වන්නිනායක (53*) සමඟ එක් වෙමින් නොදැවුණ ලකුණු 155ක සබඳතාවක් එක් කිරීමට ද රොන් චන්ද්‍රගුප්ත සමත් වුනා.

Nugegoda කණ්ඩායම නියෝජනය කරන පුලිඳු පෙරේරා සහ කෙවින් පෙරේරා ශතක වාර්තා කරන්නේ Colts කණ්ඩායමට එරෙහිවයි. 18 හැවිරිදි පසුවෙන යොවුන් ක්‍රීඩක පුලිඳු පෙරේරා පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 3කින් යුත් List A පිටියේ හොඳම ඉනිම බවට පත් වුනා.

එමෙන් ම 24 හැවිරිදි වියේ පසුවෙන කෙවින් පෙරේරා පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නා ලද අතර එම ඉනිම ද ඔහුගේ List A පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා. .

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ල සඳහා 141ක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනා.

මේ අතර BRC කණ්ඩායමේ රවිජ සඳරුවන්, Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත, Panadura කණ්ඩායමේ කංචන ද ලිවේරා, Tamil Union කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි, Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක, Ragama කණ්ඩායමේ ගවිරු සෙන්හස් සහ රන්මිත් ජයසේන, NCC කණ්ඩායමේ ලහිරු උදාර ද අද පැවැති තරගවල දී අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළා.

පන්දු යැවීමේ දී කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ Ragama කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන එෂාන් මාලිංග. ඔහු NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 49කට කඩුලු 5ක් දවා ගන්නා ලද එය ඔහුගේ තරග 6කින් යුත් List A පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා. ඊට අමතර ව BRC කණ්ඩායමේ දුෂාන් හේමන්ත ද කඩුල්ලක් ලබා ගත්තා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

  • A කාණ්ඩය

Bloomfield C & AC සහ Tamil Union C & AC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 243 (48.4) සඳුන් වීරක්කොඩි 68, විහස් තෙව්මික 23, දසිස් මංචනායක 24, අයන සිරිවර්ධන 31, තරිඳු රත්නායක 30, රවිඳු ප්‍රනාන්දු 2/60, සචිත ජයතිලක 3/27

 

Bloomfield C & AC – කඩුලු 2ක් දැවී 245 (42.4) හසිත බෝයගොඩ 20, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 141, අසිත වන්නිනායක නොදැවී 53, තරිඳු රත්නායක 2/35

 

Bloomfield කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Negombo CC සහ Panadura SC අතර පානදුර ක්‍රීඩාංගණයේ දී.

 

Panadura SC – සියලුම දෙනා දැවී 210 (42.2) කංචන ද ලිවේරා 70, ඔෂද ප්‍රනාන්දු 29, නදුන් දර්ශන 22, ඉම්තියාස් ස්ලාසා 21, ඩිල්ශාන් මුණවීර 4/49, නිශාන් පීරිස් 2/49, පසිඳු උස්හෙට්ටිගේ 2/50

 

Negombo CC – සියලුම දෙනා දැවී 151 (37.2) සජිත විතානගේ 19, මිලින්ද සිරිවර්ධන 32, ශෙෂාන් ප්‍රනාන්දු 29, ඉම්තියාස් ස්ලාසා 2/33, නිමේෂ් විමුක්ති 2/35, විශ්ව ලහිරු 3/35, විශේන් හැළඹගේ 2/08

 

Panadura කණ්ඩායමට ලකුණු 59ක ජයක්.

NCC සහ Ragama CC අතර NCC ක්‍රීඩාංගණයේ දී.

 

NCC  – සියලුම දෙනා දැවී 232 (46.3) ලහිරු උදාර 79, සහන් ආරච්චිගේ 40, කවින් බණ්ඩාර 24, චාමික කරුණාරත්න 38, එශාන් මාලිංග 5/49,

 

Ragama CC – සියලුම දෙනා දැවී 227 (47.3) ගවිරු සෙන්හස් 57, රන්මිත් ජයසේන 67, කල්හාර සේනාරත්න 21, ලසිත් ඇඹුල්දෙණිය 2/31, කමිල් මිෂාර 3/17

 

NCC කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

SSC සහ Chilaw Marians CC අතර SSC ක්‍රීඩාංගණයේ දී.

 

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 146 (35.5) ඔදිල් පෙරේරා 47, අභිශේක් ලියනාරච්චි 21, ගිශාන් බාලසූරිය 3/35, කවිඳු නදීශාන් 4/25

 

SSC – කඩුලු 4ක් දැවී 150 (23.0) ශෙවෝන් ඩැනියෙල් 39, ක්‍රිශාන් සංජුල 37, නිපුන් ධනංජය 21, හේෂාන් හෙට්ටිආරච්චි 2/20, ඉරුෂ්ක තිමිර 2/14

 

SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • B කාණ්ඩය

Badureliya SC සහ BRC අතර මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී.

 

Badureliya SC – සියලුම දෙනා දැවී 133 (37.1) දුනිත් ජයතුංග 19, සදීප් කවිශ්ක 21, රනේෂ් සිල්වා 37, අලංකාර අසංග 20, දුෂාන් හේමන්ත 5/30, මර්වින් අභිනාෂ් 4/26

 

BRC – කඩුලු 5ක් දැවී 136 (24.2) රවිජ සඳරුවන් 62, ඩිල්ශාන් ද සොයිසා 35, චානක කොමසාරු 2/42, අලංකාර අසංක 2/35

 

BRC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Nugegoda S & WC සහ Colts CC අතර Colts ක්‍රීඩාංගණයේ දී.

 

Nugegoda S & WC – කඩුලු 9ක් දැවී 287 (50.0) පුලිඳු පෙරේරා 111, ඩිලාන් ජයලත් 26, කෙවින් පෙරේරා 100, රාහුල් ගුණසේකර 19, හර්ෂණ වික්‍රමසිංහ 3/50, මුදිත ලක්ෂාන් 2/56

 

Colts CC – සියලුම දෙනා දැවී 254 (49.3) යශෝධ ලංකා 34, ධනංජය ලක්ෂාන් 20, රවිඳු රසාන්ත 56, යසිරු රොද්‍රිගෝ නොදැවි 42, හර්ෂණ වික්‍රමසිංහ 32, ඩිල්ශාන් අබේසිංහ 2/35, ශෙෂාන් මාරසිංහ 2/48, මනුජ චන්තුක 3/42

 

Nugegoda කණ්ඩායමට ලකුණු 33ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<