ශ්‍රී ලංකා සංචිතය නැවත වරක් වෙනස් වෙයි!

India Tour of Sri Lanka 2024

112

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාරව ද ඉවත් කිරීමට සිදු වී තිබෙනවා. 

පසුගිය දා පැවැත්වුණු පුහුණුවීම් සැසියක් අතරතුර නුවන් තුෂාරගේ ඇඟිල්ලක් බිඳී යාම නිසා ඔහුට මෙම තරගාවලිය අහිමි වන අතර, ඔහුට පෙර දුශ්මන්ත චමීර ද ශ්වසන ආසාදන තත්වයක් නිසා සංචිතයෙන් ඉවත් කෙරුණා. 

මේ අතර බිනුර ප්‍රනාන්දු ද ආසාදන තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, ඒ අනුව ඔහුට ද මෙම තරගාවලිය අහිමි ව යනු ඇති. බිනුර වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. 

ඉන්දු ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<