ශ්‍රී ලංකා කණ්ඩායමට නව අනුග්‍රාහකත්වයක්

India Tour of Sri Lanka 2024

6

ඉන්දීය ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක් වන LAVA International Ltd විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව අනුග්‍රාහකයා ලෙස එක් වී තිබෙනවා. 

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිල අනුග්‍රාහකයා ලෙස LAVA එක් වී ඇති අතර, එය නිල වශයෙන් දැනුවත් කිරීමට පැවැත්වූ වැඩසටහනේ දී LAVA Mobiles කළමනාකාර අධ්‍යක්ෂක Gerald Vanderwall මහතා විසින් නව ශ්‍රී ලංකා ජර්සිය ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක වෙත ප්‍රධානය කළා. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය අද (27) රාත්‍රියේ ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන අගෝස්තු 07 වැනි දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. 

ඉන්දු ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<