2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ ඔබට වැදගත් කරුණු කිහිපයක්

Paris Olympics 2024

1
Paris Olympics 2024

ප්‍රංශයේ පැරීසිය මූලික කරගනිමින් දින 18ක් පුරාවට ක්‍රීඩා ඉසව් 32කට අදාළ ව රන් පදක්කම් 329ක් බෙදා දීමට සූදානමින් 2024 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වී හමාරයි.

ආරම්භය

මෙවර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල එළඹෙන ජුලි 26 වැනි දා පැවැත්වීමට නියමිත නමුත්, පාපන්දු, රග්බි, Handball සහ දුනු විඳීමේ තරග ඉසව්වල මූලික තරග එළඹෙන 24 වැනි දා පටන් ආරම්භ වනු ඇති.

තරගාවලියේ සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ Seine ගංගාව දිගේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අගෝස්තු මස 11 වැනිදායින් තරගාවලිය අවසන් වනු ඇති.

මීටර් 100 තරඟ ඉසව්

ලොව ඕනෑම ක්‍රීඩා ලෝලියකු වැඩි වශයෙන් බලාපොරොත්තු තබා සිටින මීටර් 100 ඉසව්වේ කාන්තා අවසන් මහා තරගය අගෝස්තු මස 04 වැනි දා උදෑසන 12.50ට පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු මස 05 වැනි දා උදෑසන 1.20ට පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

රන් පදක්කම් බෙදී යාම

මෙවර රන් පදක්කම් 329ක් බෙදා දීමට නියමිත අතර, ඉන් පදක්කම් 39ක් ම අගෝස්තු මස 10 වැනි දා බෙදා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙවර ඔලිම්පික් උළෙලේ අවසන් රන් පදක්කම අගෝස්තු මස 11 වැනි දා කාන්තා Basketball ඉසව්ව වෙනුවෙන් පිරිනැමෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගී වේලාවන්

  • විරේන් නෙත්තසිංහ – බැඩ්මින්ටන් පිරිමි කේවල – ජුලි 27- සවස 2.30
  • ගංගා සෙනෙවිරත්න – කාන්තා මීටර් 100පසුපස ආර පිහිනුම් – ජුලි 28 – සවස 2.30
  • කයිල් අබේසිංහ – පිරිමි මීටර් 100නිදහස් ආර – පිහිනුම් – ජුලි 30 – සවස 2.30
  • තරුෂි කරුණාරත්න – කාන්තා මීටර් 800- අගෝස්තු 02 – රාත්‍රි 11.15
  • අරුණ දර්ශන- පිරිමි මීටර් 400 – අගෝස්තු 04 – රාත්‍රි 10.35
  • දිල්හානි ලේකම්ගේ – කාන්තා හෙල්ල විසිකිරීම – අගෝස්තු 07- දහවල් 1.55

ඔලිම්පික් බලන්න ThePapare සමඟ එක්වන්න

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිල චන්ද්‍රිකා රූපවාහිනී සහකරු වන්නේ Dialog TV වන අතර, මෙවර ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ThePapare TV (Dialog TV අංක 63 සහ 126), Dialog ViU සහ ThePapare.com හරහා නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇති.

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<