KFL තෙවැනි අදියරට සියලු කටයුතු සූදානම්!

KFL 2024

2
KFL 2024

ශ්‍රී ලාංකේය සටන් ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සලකුණු කිරීමට සමත් වූ Karma Fight League (KFL) තෙවැනි අදියර එළඹෙන 27 වැනි දා පැවැත්වීමට නියමිතයි.

කොළඹ තැප්‍රෝබේන් හිදි පැවැත්වීමට නියමිත මෙම සටන් තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් රුපියල් ලක්ෂ 04කට අධික ත්‍යාග මුදලක් වෙන් කෙරුණු අතර, මෙවර එය රුපියල් මිලියන 1.2ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මීට කලකට පෙර ජපානයේ දී ආරම්භය ලද K-1 සටන් කලාව ආශ්‍රය කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මඟින් කුංෆු, කරාතේ, මුවාතායි සහ බොක්සිං වැනි සටන් කලාවන්වල සටන් කරුවන් එකම වලල්ලක් තුළට රැගෙන ඒමට තරග සංවිධායකයින් සූදානම් වී සිටිනවා.

මේ අතර ශ්‍රී ලාංකේය සටන් කරුවන් වෙනුවෙන් ධනාත්මක පියවරක් තැබීමට පෙරමුණ ගත් Asian Security Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ අපරාජිත සටන් ශිල්පිනියක් වන නිමේෂා කුමාරි හට වෘත්තීය සටන් කරුවකු ලෙස සටන්වල නියැලීමට අවශ්‍ය සියලු පහසුකම් එනම් වෘත්තීය දීමනාවක්, පෝෂණ දීමනාවක්, පුහුණුවීම් සහ පුහුණුකරුවන් සඳහා දීමනාවක් මෙන්ම වෛද්‍ය කටයුතු වෙනුවෙන් ද දීමනාවක් ලබ දීමට ඉදිරිපත් වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ දී බොක්සිං නොවන සටන් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සන්නාම තානාපතිත්වයක් ලබා දුන් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන අතර, එය අනාගතයේ දී දේශීය සටන් කරුවන්ට තම දක්ෂතා වැඩිදියුණු කරගනිමින් ජාත්‍යන්තර තලයට පිවිසීමට ද මානසික සහයක් සලසනු ඇති බව විශ්වාස කළ හැකි.

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>