තරුෂි සහ චමෝද් විශිෂ්ට ජයග්‍රහණ ලබයි!

National Sports Festival 2024

3
48th National sports festival 2024

2024 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (19) සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.

අද දිනයේ දී මීටර් 100, මීටර් 400 වැනි ඉසව් රැසක් ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට මධ්‍යම පළාතේ K.H.A.D. කෞශල්‍යා සමත් වූ අතර, කාන්තා මීටර් 5000 ඉසව්ව නව තරග වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට නැගෙනහිර පළාතේ W.A.M.R. විජේසූරිය සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ මධ්‍යම පළාතේ තරුෂි කරුණාරත්න තත්පර 52.69ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, නදීශා රාමනායකට මෙම ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදුවීම විශේෂත්වයක්.

පිරිමි මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට පසිඳු කොඩිකාර විසින් සමත් වූ අ

තර, ඔහුගේ තරග නිමි කාලය ලෙස තත්පර 46.50ක් සටහන් වුනා. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය පබසර නිකූ හට හිමි වුනා.

  • මේ අතර කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඌව පළාතේ T.A.මුතුකුමාරණ විසින් සමත් වූ අතර, ඇයගේ තරග නිමි කාලය තත්පර 11.99ක් ලෙසයි සටහන් වුනේ.

එමෙන්ම පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට චමෝද් යෝදසිංහ විසින් සමත් වූ අතර, ඔහුගේ තරග නිමි කාලය ලෙස තත්පර 10.42ක් වාර්තා වුනා.

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 13.88කින් තරගය නිමා කළ W.V.L සුගන්දි ජයග්‍රහණය කරනා අතරේ, පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට රොශාන් රණතුංග විසින් සමත් වුනා.

ඔහුගේ තරග නිමි කාලය ලෙස තත්පර 13.99ක් සටහන් වුනා.

48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 100 ඉසව්වේ විශිෂ්ට කාලයක් වාර්තා කළ චමෝද් යෝදසිංහ තෝරා ගැනුණු අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා මීටර් 400 ඉසව්ව විශිෂ්ට තරග නිමි කාලයක් සමඟ අවසන් කළ තරුෂි කරුණාරත්න හට හිමි වුනා.

දේශීය මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>