Home Sinhala Galle Marvels 2024 LPL අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

Galle Marvels 2024 LPL අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

LPL 2024

3
LPL 2024

2024 LPL තරගාවලියේ Qualifier 1 තරගයේ දී Jaffna Kings කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම අද (18) සවස සමත් වුනා.

මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙමින් මෙම තරගයට සුදුසුකම් ලබා ගත් Galle Marvels සහ Jaffna Kings කණ්ඩායම් අතරින් කාසියේ වාසිය Galle නායක නිරෝශන් දික්වැල්ල සතු වූ අතර, තරගයේ පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.

මේ අනුව Jaffna Kings වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුනත් පැතුම්ට අද දිනයේ සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Rilee Rossouw සහ කුසල් මෙන්ඩිස් ලකුණු 61ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Rossouw විසින් පන්දු 22ක් තුළ ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් අන්තර්ගත වුනා. මීට අමතරව කුසල් මෙන්ඩිස් විසින් පන්දු 39ක් තුළ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ අංක හතර පිතිකරු වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර තුනක් ද සමඟයි. මේත් සමඟම තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා ලෙස ද අවිශ්කගේ නම සටහන් වුනා. මේ අනුව Jaffna Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර, Galle Marvels වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Dwaine Pretorius කඩුලු 4ක් දවා ගන්නා අතරේ, ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තා.

Jaffna වෙතින් ලද ඉලක්කය හඹා යාම සඳහා Galle Marvels නායක දික්වැල්ල සහ Alex Hales පිටියට පිවිසි අතර, දික්වැල්ලගේ ඉනිම ලකුණු 09කට සීමා වුනා. මේ අතරේ Alex Hales පන්දු 21ක් තුළ ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා.

Galle Marvels ඉනිමේ ලකුණු තත්වය 70 රැඳෙද්දී මෙම පිතිකරුවන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Jaffna පන්දු යවන්නන්ට හැකි වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ ජනිත් ලියනගේ සහ Tim Seifert විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පිහිටවූ ලකුණු 92ක සබඳතාව නිසා Galle Marvels කණ්ඩායමට ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.

මෙහි දී ජනිත් ලියනගේ පන්දු 36ක් තුළ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූ අතර, Tim Seifert පන්දු 41ක් තුළ ලකුණු 62ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.

තරගයේ වීරයා – Dwaine Pretorius

මේ අනුව Galle Marvels කණ්ඩායම LPL ඉතිහාසයේ සිය තෙවන අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, Jaffna Kings කණ්ඩායමට සිය සිව් වැනි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා.

මේ වන විට Kandy Falcons සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වෙන Eliminator තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ Jaffna Kings විසින් එළඹෙන සෙනසුරාදා දිනයේ දී Qualifier 2 තරගය ක්‍රීඩා කරනු ඇති.

Result


Jaffna Kings
177/7 (20)

Galle Marvels
181/3 (18.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Dwaine Pretorius 4 4 0 0 100.00
Kusal Mendis b prabath jayasuriya 46 39 4 1 117.95
Rilee Rossouw c Janith Liyanage  b Isuru Udana 40 22 4 3 181.82
Avishka Fernando c Bhanuka Rajapaksa b Isuru Udana 52 33 4 3 157.58
Charith Asalanka c Bhanuka Rajapaksa b Dwaine Pretorius 7 6 1 0 116.67
Azmatullah Omarzai not out 14 8 0 1 175.00
Dhananjaya de Silva c Bhanuka Rajapaksa b Dwaine Pretorius 9 5 0 1 180.00
Fabian Allen c Niroshan Dickwella b Dwaine Pretorius 1 2 0 0 50.00
Wanuja Sahan not out 0 1 0 0 0.00


Extras 4 (b 1 , lb 0 , nb 0, w 3, pen 0)
Total 177/7 (20 Overs, RR: 8.85)
Bowling O M R W Econ
Dwaine Pretorius 4 0 23 4 5.75
Isuru Udana 4 0 37 2 9.25
prabath jayasuriya 4 0 38 1 9.50
Maheesh Theekshana 4 0 44 0 11.00
Sahan Arachchige 1 0 11 0 11.00
Kavindu Nadeeshan 3 0 23 0 7.67


Batsmen R B 4s 6s SR
Alex Hales st Kusal Mendis b Azmatullah Omarzai 36 21 5 2 171.43
Niroshan Dickwella c Kusal Mendis b Azmatullah Omarzai 9 4 2 0 225.00
Tim Seifert not out 62 41 9 1 151.22
Janith Liyanage  c & b Tabraiz Shamsi 56 36 5 3 155.56
Bhanuka Rajapaksa not out 8 7 1 0 114.29


Extras 10 (b 2 , lb 6 , nb 0, w 2, pen 0)
Total 181/3 (18.1 Overs, RR: 9.96)
Bowling O M R W Econ
Dhananjaya de Silva 1 0 11 0 11.00
Asitha Fernando  3 0 33 0 11.00
Azmatullah Omarzai 3 0 33 1 11.00
Fabian Allen 4 0 38 1 9.50
Wanuja Sahan 4 0 31 0 7.75
Tabraiz Shamsi 3.1 0 27 1 8.71



2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<