ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ මූලික වටයේ පැවැති අවසන් තරගයෙන් Colombo Strikers පරාජය කරමින් ලකුණු 28ක ජයක් ලැබීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers නායක තිසර පෙරේරාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි Dambulla Sixers පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 123ක් පමණයි.
තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,
- Dambulla Sixers: Reeza Hendricks, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, Mark Chapman, Towhid Hridoy, Mohammad Nabi (නායක), චමිඳු වික්‍රමසිංහ, අකිල ධනංජයල්, දුෂාන් හේමන්ත, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර.
- Colombo Strikers: Rahmanullah Gurbaz, ඇන්ජලෝ පෙරේරා, Muhammad Waseem, Glenn Phillips, සදීර සමරවික්‍රම, තිසර පෙරේරා (නායක), Shadab Khan, දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජේසුන්දර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ.
Dambulla Sixers ආරම්භක පිතිකරුවන් හට එතරම් සාර්ථක වීමට ඉඩ නොඳුන් ඉසිත විජේසුන්දර ලකුණු එකක් ලබා සිටි Reeza Hendricks දවා ගැනීමට සමත් වූ අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 8කට දැවී ගියේ බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.
කුසල් පෙරේරා ලකුණු 7ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට මතීෂ පතිරණට හැකි වුනේ Dambulla Sixers පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 25ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.
ඉන් පසුව පිටියට පිවිසි Towhid Hridoyට ලකුණු ලබා ගැනීමට පෙරම පිටියෙන් ඉවත් වීමට සිදු වුනේ බිනුර ප්‍රනාන්දු යොමු කළ පන්දුවකට Rahmanullah Gurbaz රැකගත් උඩපන්දුව නිසයි.
දඹුල්ල කණ්ඩායම තවත් අසීරු අඩියකට ඇද දමමින් ලකුණු 8ක් ලබා සිටි Mark Chapman දුවද්දී දැවී යාමකට හසු වීමෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුව දිස් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 38ක් ලෙසයි.
සිය කණ්ඩායම වැටී තිබූ ආගාධයෙන් ගොඩගැනීමට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක Mohammad Nabi පන්දු 33කට මුහුණ දෙමින් ලකුණු 40ක් ලබා සිටිය දී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා. Nabi සහ චමිඳු වික්‍රමසිංහ අතර හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 62ක්.
පන්දු 29කට මුහුණ දෙමින් සටන්කාමී ලකුණු 26ක් ලබා සිටි යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ දඹුල්ල කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ මතීෂ පතිරණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනුයි.
ලකුණු 10ක් ලබා සිටි දුශාන් හේමන්ත සහ නුවන් ප්‍රදීප් ලකුණු නොලබා දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුනේ දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 121ක් බවට පත් කරමිනුයි.
පන්දු 8කට මුහුණ දෙමින් ලකුණු 8ක් ලබා සිටි අකිල ධනංජය දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වීමත් සමඟ Dambulla Sixers ඉනිම ලකුණු 123කට සීමා වුනා.
පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
- Kandy හයේ පහර වර්ෂාවක් සමඟ වටිනා ජයක් ලබයි!
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ
දඹුල්ල කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා කොළඹ කණ්ඩායම ලකුණු 46කට සීමා කිරීමට සිදු වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක අතරට පැමිණීම සඳහා කොළඹ ක්‍රීඩකයින්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.
ලකුණු 124ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයම ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට චමිඳු වික්‍රමසිංහට හැකි වුනා.
මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් වන විට ලකුණු 15ක් ලබා සිටි Muhammad Waseem දවා ගැනීමට නුවන් ප්‍රදීප්ට හැකි වූ අතර සදීර සමරවික්‍රම ලකුණු 6 කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දිස් වුණේ ලකුණු 31ක් ලෙසයි.
පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 15ක් ලබා සිටි Glenn Phillips දවා ගැනීමට අකිල ධනංජය සමත් වෙද්දී, දුනිත් වෙල්ලාලගේ ලකුණු 11 ක් ලබා සිටිය දී Nabiගේ පන්දුවක් හමුවේ දැවි ගියා.
කොළඹ ක්‍රීඩකයින් තවත් අසීරු අඩියකට ඇද දමමින් ලකුණු 3ක් ලබා සිටි Shadab Khan දුවද්දී දැවී යාමකට ගොඳුරු වූ අතර එම කඩුල්ල දැවී ගිය පසු ලකුණු පුවරුව දිස් වුණේ කඩුලු 7ක් දැවී ලකුණු 53ක් ලෙසයි.
ලකුණු 12ක් ලබා සිටි ඉසිත විජේසුන්දර දවා ගැනීමට දුශාන් හේමන්ත සමත් වෙද්දී, බිනුර ප්‍රනාන්දු ලකුණු 2ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට ගොඳුරු වුණේ ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 88ක් බවට පත් කරමිනුයි.
පන්දු 30 කට මුහුණ දෙමින් සටන්කාමී ඉනිමක් ක්‍රිඩා කරමින් සිටි කොළඹ නායක තිසර පෙරේරා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවී යාමත් සමඟ Colombo Strikers ඉනිම ලකුණු 95 කට සීමා වුණා.
ඒ අනුව තරගය ලකුණු 28 කින් ජයග්‍රහණය කිරීමට Dambulla Sixers ක්‍රීඩකයින් සමත් වූවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය නිසාවෙන් ඔවුන්ට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.
මෙම පරාජය නිසා Colombo Strikers ක්‍රීඩකයින්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ලබා ගෙන මූලික වටය අවසන් කිරීමට සිදු වූ අතර ඔවුන්ට අමතරව Jaffna Kings, Galle Marvels සහ Kandy Falcons කණ්ඩායම් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
තරගාවලියේ අවසන් වටය ආරම්භ කරමින් Galle Marvels සහ Jaffna Kings යන කණ්ඩායම් Qualifier 01 තරගය ක්‍රීඩා කිරීමට නියමිත අතර Kandy Falcons සහ Colombo Strikers කණ්ඩායම් Eliminator තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරග ද්විත්වය බ්‍රහස්පතින්දා (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගාවලියේ Qualifier 02 තරගය සෙනසුරාදා (20) දිනයේත්, අවසන් මහා තරගය ඉරිදා (21) දිනයේත් පැවැත්වෙනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Reeza Hendricks | c Rahmanullah Gurbaz b Isitha Wijesundara | 1 | 8 | 0 | 0 | 12.50 |
Kusal Perera | run out (Matheesha Pathirana) | 7 | 9 | 0 | 0 | 77.78 |
Nuwanidu Fernando | b Binura Fernando | 15 | 8 | 2 | 1 | 187.50 |
Mark Chapman | run out (Isitha Wijesundara) | 8 | 9 | 1 | 0 | 88.89 |
Towhid Hridoy | c Rahmanullah Gurbaz b Binura Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Mohammad Nabi | c Angelo Perera b Binura Fernando | 40 | 33 | 4 | 2 | 121.21 |
Chamindu Wickramasinghe | b Matheesha Pathirana | 26 | 29 | 1 | 1 | 89.66 |
Dushan Hemantha | c Muhammad Waseem b Dunith Wellalage | 10 | 7 | 0 | 1 | 142.86 |
Akila Dananjaya | c & b Matheesha Pathirana | 8 | 9 | 1 | 0 | 88.89 |
Nuwan Pradeep | lbw b Dunith Wellalage | 0 | 2 | 0 | 0 | 0.00 |
Nuwan Thushara | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 1 , lb 1 , nb 0, w 6, pen 0) |
Total | 123/10 (20 Overs, RR: 6.15) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 4 | 1 | 15 | 3 | 3.75 | |
Isitha Wijesundara | 4 | 0 | 16 | 1 | 4.00 | |
Thisara Perera | 2 | 0 | 14 | 0 | 7.00 | |
Shadab Khan | 4 | 0 | 33 | 0 | 8.25 | |
Matheesha Pathirana | 4 | 0 | 25 | 2 | 6.25 | |
Dunith Wellalage | 2 | 0 | 18 | 2 | 9.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rahmanullah Gurbaz | b Chamindu Wickramasinghe | 0 | 6 | 0 | 0 | 0.00 |
Angelo Perera | c Mark Chapman b Chamindu Wickramasinghe | 0 | 3 | 0 | 0 | 0.00 |
Muhammad Waseem | c Mark Chapman b Nuwan Pradeep | 15 | 6 | 2 | 1 | 250.00 |
Glenn Phillips | c Mohammad Nabi b Akila Dananjaya | 15 | 15 | 1 | 1 | 100.00 |
Sadeera Samarawickrama | c Akila Dananjaya b Nuwan Pradeep | 6 | 7 | 0 | 0 | 85.71 |
Dunith Wellalage | b Mohammad Nabi | 11 | 12 | 2 | 0 | 91.67 |
Thisara Perera | c Reeza Hendricks b Nuwan Pradeep | 30 | 31 | 1 | 3 | 96.77 |
Shadab Khan | run out (Sonal Dinusha ) | 3 | 6 | 0 | 0 | 50.00 |
Isitha Wijesundara | c Nuwanidu Fernando b Dushan Hemantha | 12 | 17 | 1 | 0 | 70.59 |
Binura Fernando | run out (Nuwan Thushara) | 2 | 5 | 0 | 0 | 40.00 |
Matheesha Pathirana | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 95/10 (18.1 Overs, RR: 5.23) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chamindu Wickramasinghe | 4 | 0 | 13 | 2 | 3.25 | |
Nuwan Pradeep | 2.1 | 0 | 20 | 3 | 9.52 | |
Nuwan Thushara | 2 | 0 | 17 | 0 | 8.50 | |
Akila Dananjaya | 4 | 0 | 18 | 1 | 4.50 | |
Mohammad Nabi | 4 | 0 | 11 | 1 | 2.75 | |
Nuwanidu Fernando | 1 | 0 | 13 | 0 | 13.00 | |
Dushan Hemantha | 1 | 0 | 2 | 1 | 2.00 |
2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<