ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන් වෙයි

Junior National Athletics Championship 2024

2
Junior National Athletics Championship 2024

2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙරෝන් විජේසිංහ විසින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

දියගම දී පැවැත්වුණු ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනය තුළ තවත් විශේෂ ක්‍රීඩක දක්ෂතා කිහිපයක් ම සටහන් වූ අතර, ඉන් වඩාත් කැපී පෙනුණු ඉසව්වක් ලෙස වයස අවුරුදු 20න් පහළ පිරිමි මීටර් 100 ඉසව්ව හඳුන්වාදිය හැකි.

මෙහි දී මෙරෝන් විජේසිංහ විසින් තත්පර 10.38කින් සිය ඉසව්ව නිම කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර 20න් පහළ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 12.2කින් නිම කරමින් ජයග්‍රහණය කිරීමට ශෙනෙල්ලා සෙනෙවිරත්න විසින් සමත් වුනා.

එමෙන්ම 23න් පහළ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.54කින් නිමා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ චලිත් පියුමාල්ට හැකියාව ලැබුණා.

මෙවර ශූරතාවලියේ විවිධ වයස් කාණ්ඩ යටතේ සම්මාන දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්;.

  • 16න් පහළ හොඳම ක්‍රීඩිකාව – දිලිනි රාජපක්ෂ (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 16න් පහළ හොඳම ක්‍රීඩකයා – N.Thribashith (කොළඹසාන්ත තෝමස් විද්‍යාලය)
  • 18න් පහළ හොඳම ක්‍රීඩිකාව – M.G.T.අභිෂේකා (ගම්පොල වික්‍රමභාහු ජාතික පාසල)
  • 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – තරුෂ මෙන්ඩිස් (වත්තල ලයිසියම් විද්‍යාලය)
  • 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව- මදුශානි හේරත් (නන්නපුරාව විද්‍යාලය)
  • 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – මෙරෝන් විජේසිංහ (ආනන්ද විද්‍යාලය)
  • 23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – සයුරි මෙන්ඩිස්
  • 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – නදුන් කවීෂ බණ්ඩාර

<<  ශූරතාවලියේ සම්පූර්ණ තරග ප්‍රතිඵල >>

දේශීය මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<