ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වෙයි

13
National junior athletics

2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (13) දියගම දී ආරම්භ වුනා.

ඊයේ දිනයේ පැවැත්වුණු ඉසව්වල දී වයස අවුරුදු 20න් පහළ කාන්තා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.68ක උසක් තරණය කළ කුරුණෑගල ජනාධිපති විද්‍යාලයේ DKT ජයරත්න රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

18න් පහළ පිරිමි දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ තෙවිඳු සඳිල් මීටර් 7.08ක දුරක් තරණය කරමින් ඉසව්වේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා.

මේ අතර 16න් පහළ කාන්තා යගුලිය විසිකිරීමෙන් විශාඛා විද්‍යාලයේ දිල්කි කරුණාරත්න නව තරගාවලි වාර්තාවක් සමඟ (මීටර් 11.96) ඉසව්ව ජයග්‍රහණය කළා.

23න් පහළ පිරිමි මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව තත්පර 14.15ක කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට නඳුන් කවීශ බණ්ඩාර සමත් වූ අතර, 23න් පහළ කාන්තා මීටර් 200 ඉසව්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ HKTD සිල්වා තත්පර 25.02ක කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව මිනිත්තු 1.02.69ක කාලයක් සමඟ ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ GDSC පණ්ඩුක සමත් වූ අතර, 23න් පහළ කාන්තා කාන්තා උස පැනීම ඉසව්වේ ජයග්‍රහණය ද යුද හමුදාවට අත් කර දුන් මිනෝලි ප්‍රනාන්දු මීටර් 1.75ක් උසක් තරණය කිරීමට සමත් වුනා.

23න් පහළ කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව තත්පර 14.51ක කාලයක් සමඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ SBSL දිසානායක සමත් වූ අතර, 20න් පහළ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 24.92ක කාලයක් සමඟ ජයගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ ජිත්මා විජේතුංග විසින් සමත් වුනා.

23න් පහළ පිරිමි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුද හමුදාව නියෝජනය කළ චලිත් පියුමාල් (තත්පර 21.57) සමත් වුනා.

කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>