Home Sinhala Jaffna ලකුණු සටහනේ පහතට ඇද දමමින් Colombo විශිෂ්ට ජයක් ලබයි

Jaffna ලකුණු සටහනේ පහතට ඇද දමමින් Colombo විශිෂ්ට ජයක් ලබයි

LPL 2024

17
Colombo Strikers

මෙවර LPL තරගාවලියේ 17 වැනි තරගයෙන් Jaffna Kings කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම අද (13) සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය Colombo Strikers සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් Jaffna Kings පළමු ඉනිම දියත් කළා. මෙහි දී Jaffna ඉනිමේ පළමු කඩුලු 8ම ලකුණු 75ක් තුළ දවා ගැනීමට Colombo කණ්ඩායමට හැකියාව ලැබුණු අතර, ඒ මොහොතේ කඩුල්ලේ එක් වූ විජයකාන්ත් වියස්කාන්ත් සහ එශාන් මාලිංග අතරේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවක් පැවැත්වුණා. 

මෙහි දී විජයකාන්ත් විසින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ හැරුණු කොට එකදු Jaffna පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වුනේ නැහැ. 

මෙහි දී Colombo Strikers වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Shadab Khan ලකුණු 10කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර, බිනුර ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන කඩුලු 9ක් දැවී ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වුනා. 

Jaffna වෙතින් ලද ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගිය Colombo Strikers පිතිකරුවන් පන්දුවාර 9 පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz පන්දු 33කින් නොදැවුණු ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ සඳහා ඔහු විසින් හයේ පහර සහ හතරේ පහර හතර බැගින් එල්ල කළා. 

මීට අමතරව Muhammad Waseem හයේ පහර තුනක් සමඟින් පන්දු 18කින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • තරගයේ වීරයා – Shadab Khan  

මෙම පරාජය නිසා මෙතෙක් කල් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටි Jaffna Kings කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද වැටුණු අතර, Galle Marvels ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා. එමෙන්ම Colombo Strikers ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියා. 

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Colombo Strikers
112/1 (9.5)

Jaffna Kings
109/9 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Isitha Wijesundara b Binura Fernando 3 3 0 0 100.00
Kusal Mendis b Thisara Perera 17 11 1 1 154.55
Rilee Rossouw c Rahmanullah Gurbaz b Binura Fernando 0 6 0 0 0.00
Avishka Fernando c Isitha Wijesundara b Shadab Khan 11 15 1 0 73.33
Charith Asalanka c Rahmanullah Gurbaz b Shadab Khan 13 12 2 0 108.33
Dhananjaya de Silva st Rahmanullah Gurbaz b Shadab Khan 6 8 0 0 75.00
Fabian Allen c Muhammad Waseem b Shadab Khan 0 1 0 0 0.00
Vijayakanth Viyaskanth not out 25 34 2 0 73.53
Pramod Madushan c & b Matheesha Pathirana 10 13 2 0 76.92
Eshan Malinga lbw b Isitha Wijesundara 15 17 0 1 88.24


Extras 9 (b 0 , lb 6 , nb 0, w 3, pen 0)
Total 109/9 (20 Overs, RR: 5.45)
Bowling O M R W Econ
Binura Fernando 4 0 24 2 6.00
Thisara Perera 2 0 15 1 7.50
Dunith Wellalage 4 0 23 0 5.75
Shadab Khan 4 0 10 4 2.50
Matheesha Pathirana 4 0 20 1 5.00
Isitha Wijesundara 2 0 11 1 5.50


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz not out 57 33 4 4 172.73
Angelo Perera c Avishka Fernando b Pramod Madushan 16 8 3 0 200.00
Muhammad Waseem not out 35 18 2 3 194.44


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 112/1 (9.5 Overs, RR: 11.39)
Bowling O M R W Econ
Jason Behrendorff 2 0 22 0 11.00
Fabian Allen 2 0 18 0 9.00
Pramod Madushan 2 0 26 1 13.00
Vijayakanth Viyaskanth 2 0 20 0 10.00
Eshan Malinga 1.5 0 26 0 17.33