ඉන්දු – ලංකා ක්‍රිකට් ගැටුමට දින නියම වෙයි

India Tour of Sri Lanka 2024

27
India Tour of Sri Lanka 2024

තරග හයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි 22 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත අතර, තරගාවලියේ තරග සියල්ල දිවා රාත්‍රි සහ රාත්‍රි තරග ලෙසයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.

දෙරට අතර තරගාවලිය එළඹෙන 26 වැනි දා පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, ඉතිරි තරග දෙක 27 සහ 29 යන දින වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම විස්සයි විස්ස තරග ත්‍රිත්වයම පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

මේ අතර එළඹෙන අගෝස්තු පළමු වැනි දා දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, අගෝස්තු 4 සහ 7 ඉතිරි එක්දින තරග ද්විත්වය ක්‍රියාත්මක වනු ඇති. එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු නැවුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<