වනිඳුට සහ බිනුරට දඩ

LPL 2024

200
LPL 2024

මෙවර LPL තරගාවලිය අතරතුර ක්‍රීඩක ආම්පන්න සහ ඇඳුම් පිළිබඳ නීති කඩ කිරීමේ වරදට වනිඳු හසරංගට සහ බිනුර ප්‍රනාන්දුට දඩ නියම වී තිබෙනවා.

මෙවර තරගාවලියේ දී Colombo Strikers කණ්ඩායම නියෝජනය කරන බිනුර ප්‍රනාන්දු විසින් පසුගිය 02 දා Kandy Falcons සමඟ පැවැත්වුණු තරගයේ දී ක්‍රීඩක ආචාරධර්ම සංග්‍රහයේ වගන්තියක් කඩ කිරීමේ වරදට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් හිමි වී තිබෙනවා.

LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය වන විනිසුරු තීරණවලට අනුකූල නොවීම බිනුරගේ වරද ලෙස සටහන් වී ඇති අතර, එම තරගයේ දී ම LPL ක්‍රීඩක ආම්පන්න සහ ඇඳුම් පිළිබඳ රෙගුලාසි කඩ කිරීමේ වරදට තරග ගාස්තුවෙන් 25% දඩයක් ද බිනුර හට නියම වී තිබෙනවා.

එම තරගයට ම සහභාගී වූ Kandy Falcons නායක වනිඳු හසරංගට ද බිනුරගේ වරදට ම තරග ගාස්තුවෙන් 25% දඩයක් නියම කර තිබෙනවා.

2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<