2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 49 වැනි තරගයෙන් ඇමරිකා එක්සත් ජනපදය පරාජය කරමින් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය විසින් ඊයේ (23) රාත්‍රියේ සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්තය විසින් පළමුව පන්දුවට පහර දීමට ඇමරිකාවට ආරාධනා කළ අතර, ඒ අනුව පළමු ඉනිම දියත් කළ ඇමරිකා පිතිකරුවන් විසින් පන්දුවාර 18 පන්දු පහක් තුළ සියල්ලන් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඇමරිකාව වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ Nitish Kumar ලකුණු 30ක් වාර්තා කරන අතරේ, Corey Andersonගේ පිත්තෙන් ලකුණු 29ක් වාර්තා වුනා. ඇමරිකාව වරක කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා සිටි නමුත්, ඔවුන්ගේ අවසන් කඩුලු 5ම එකඳු ලකුණක් හෝ ඉනිමට එක් නොවී ම දැවී ගියා. මෙහි දී ඇමරිකා ඉනිමේ අවසන් කඩුලු 4ම ඉනිමේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Chris Jordan විසින් දවා ගැනීමට සමත් වූ අතර, එහි දී ඔහු කඩුලු ත්‍රිත්ව දක්ෂතාවක් ද වාර්තා කරමින් ඉනිමේ අවසන් කඩුලු 3ම පිට පිට යොමු කළ පන්දු තුනකින් දවා ගැනීමට සමත් වුනා.
මීට අමතරව Adil Rashid සහ Sam Curran අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්
- චමරි ප්රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
- කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
ඇමරිකාවෙන් ලද පහසු ඉලක්කය හඹා යාම සඳහා එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස Phil salt සහ නායක Jos Buttler පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 9 පන්දු 4ක් තුළ ලකුණු 117ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.
මෙහි දී Phil Salt තරමක් මන්දගාමී වෙමින් පන්දු 21කින් ලකුණු 25ක් ලබා ගෙන තම නායකයාට සහය ලබා දුන් අතර, නායක Buttler විසින් පන්දු 38ක් තුළ ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ වෙනුවෙන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් එක් කර ගැනීමට සමත් වුනා.
- ඇමරිකා එක්සත් ජනපදය – 115/10 (18.5) Nitish Kumar 30, Corey Anderson 29, Chris Jordan 4/10, Adil Rashid 2/13
- එංගලන්තය – 117/0 (9.4) Jos Buttler 83*, Phil Salt 25*
තරගයේ වීරයා – Adil Rashid
මෙම ජයත් සමඟ එංගලන්තය සුපිරි 08 වටයේ 2 කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, එත් සමඟම ඔවුන් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් පළමු රට බවට ද පත් වීමට සමත් වුනා.
එමෙන්ම මේත් සමඟම මෙතෙක් කල් අපරාජිත ගමනක ආ දකුණු අප්‍රිකාවේ ඉදිරි ගමන යම් අවදානමකට පත් වී ඇති අතර, ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් අද (24) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු වනවා.
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<