ඉන්දියාව අපරාජිත ගමනේ ඉදිරියට

ICC Men's T20 World Cup 2024

62
India Cricket

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 47 වැනි තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 50ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (22) රාත්‍රියේ දී සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ඉන්දීය පිතිකරුවන් තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා. 

මෙහි දී නායක Rohit Sharma ලකුණු 23ක්, Virat Kohli ලකුණු 37ක්, Rishabh Pant ලකුණු 36ක් සහ Shivam Dube ලකුණු 34ක් ලබාගනිමින් ඉන්දීය ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. මේ අතරේ කලක පටන් ම සිය සුපුරුදු රිද්මය සොයමින් සිටි Hardik Pandya පන්දු 27කින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වුනා. 

ඉන්දියාව විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් Tanzim Hasan සහ Rishad Hossain කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

මෙතෙක් තරගාවලියේ දී ඉහළ පන්දු යැවීමේ දක්ෂතා පෙන්නුම් කරමින් සිටින Jasprit Bumrah ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් විසින් මෙවරත් සිය කාර්ය භාර්යය අකුරට ම ඉටු කිරීමට සමත් වූ අතර, ඉන්දියාවෙන් ලද ලකුණු 197ක දැවැන්ත ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසන කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 146ක් පමණයි. 

මෙහි දී බංග්ලාදේශ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Najmul Hossain Shanto ලකුණු 40ක් ලබා ගන්නා අතරේ, Tanzid Hasanගේ පිත්තෙන් ලකුණු 29ක් ඉනිමට එක් වුනා. 

මේ අතර මෙම තරගයේ දී ද අගනා පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah සිය පන්දුවාර 4 තුළ ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළනා අතරේ Kuldeep Yadav කඩුලු 3ක් සහ Arshdeep Singh කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

  • ඉන්දියාව – 196/5 (20) Hardik Pandya 50*, Virat Kohli 37, Tanzim Hasan Sakib 2/32, Rishad Hossain 2/43 
  • බංග්ලාදේශය – 146/8 (20) Najmul Hossain Shanto 40, Tanzid Hasan 29, Kuldeep Yadav 3/19, Jasprit Bumrah 2/13 

තරගයේ වීරයා – Hardik Pandya  

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<