Ace Capital සහ CCC පෙරමුණට

Major Club 50 Over Tournament 2024

68
Major Club 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ තරග නතර කෙරෙද්දී A කාණ්ඩයෙන් Ace Capital කණ්ඩායම ද සහ B කාණ්ඩයෙන් CCC කාණ්ඩායම ද ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත්තා.

එළැඹෙන මාසයේ දී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් Major Club සීමිත පන්දුවාර එක්දින තරගාවලිය මෙම තරගත් සමඟින් මාසයකට අධික කාලයක් නොපැවැත්වෙන අතර නැවත මෙම තරගාවලිය සක්‍රීය වන්නේ ජුලි මස 27 වැනිදා සිටයි.

මේ අතර නිමා වූ දවසේ දී අර්ධ ශතක 12ක් වාර්තා වීම කැපී පෙණුනා. ඒ අනුව CCC කණ්ඩායමේ නිශාන් මධුශ්ක, BRC කණ්ඩායමේ රන්දුණු ගංගනාත්, Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත, Ace Capital කණ්ඩායමේ තනුක දාබරේ, Panadura කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු, NCC කණ්ඩායමේ කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ, Chilaw Marians කණ්ඩායමේ සුපුන් වඩුගේ, Tamil Union කණ්ඩායමේ මොහොමඩ් ශමාස්, SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු, Ragama කණ්ඩායමේ සංතුශ් ගුණතිලක සහ රන්මිත් ජයසේන මෙලෙස අර්ධ ශතක ලබා ගත්තා. 

  • A කාණ්ඩය

Bloomfield C & AC සහ Ace Capital CC අතර Bloomfield ක්‍රීඩාංගණයේ දී.

 

Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 159 (27.0) රොන් චන්ද්‍රගුප්ත 53, මිනෙත් ප්‍රේමරත්න 32, සචිත ජයතිලක නොදැවී 19, රවීන් ද සිල්වා 3/31

 

Ace Capital CC – කඩුලු 5ක් දැවී 161 (23.4) තනුක දාබරේ 73, සකුණ ලියනගේ නොදැවී 26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/43

 

Ace Capital කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Panadura SC සහ NCC අතර NCC ක්‍රීඩාංගණයේ දී.

 

Panadura SC – සියලුම දෙනා දැවී 161 (40.5) විශේන් හැළඹගේ 28, ඔෂද ප්‍රනාන්දු 50, රමේෂ් නිමන්ත 29, චාමික කරුණාරත්න 2/27, චාමික ගුණසේකර 3/26, ලසිත් ඇඹුල්දෙණිය 3/27

 

NCC – කඩුලු 4ක් දැවී 163 (32.5) කමිල් මිෂාර නොදැවී 61, සහන් ආරච්චිගේ 50, ඉම්තියාස් ස්ලාසා 2/33

NCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

 

Chilaw Marians CC සහ Tamil Union C & AC අතර P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

 

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 168 (47.2) අබිශේක් ලියනාරච්චි 19, අයොන් ප්‍රනාන්දු 19, සුපුන් වඩුගේ නොදැවී 51, තරිඳු රත්නායක 2/28

 

Tamil Union C & AC – කඩුලු 6ක් දැවී 172 (33.0)සිනෙත් ජයවර්ධන 19, මොහොමඩ් ශමාස් නොදැවී 54, තරිඳු රත්නායක නොදැවී 41, අමිත පෙරේරා 2/34, ඉරුෂ්ක තිමිර 2/47

 

Tamil Union කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

SSC සහ Ragama CC අතර SSC ක්‍රීඩාංගණයේ දී.

 

SSC – කඩුලු 8ක් දැවී 286 (50.0) ෂෙවෝන් ඩැනියෙල් 28, අවිශ්ක ප්‍රනාන්දු 53, ක්‍රිශාන් සංජුල 48, නුවනිඳු ප්‍රනාන්දු 33, දසුන් ශානක 48, නිසල තාරක 40, ඒශාන් මාලිංග 3/76, කල්හාර සේනාරත්න 2/33, රවිශ්ක විජේසිරි 3/38

 

Ragama CC – සියලුම දෙනා දැවී 278 (49.1) සංතුශ් ගුණතිලක 57, රවිඳු සෙම්බකුට්ටි 26, රන්මිත් ජයසේන නොදැවී 79, පුලින තරංග 27, කල්හාර සේනාරත්න 41, ශෙහාන් හසරංග 2/37, දසුන් ශානක 2/47, නුවනිඳු ප්‍රනාන්දු 2/43, කවිඳු නදිශාන් 2/27

 

SSC කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

  • B කාණ්ඩය 

Kurunegala Youth CC සහ CCC අතර වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

 

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 103 (29.0)කමේෂ් නිර්මාල් 32, රශ්මික මධුශංක 30, අසිත ප්‍රනාන්දු 2/11, චතුරංග ද සිල්වා 3/17, වනිඳු හසරංග 3/15

 

CCC – කඩුලු 3ක් දැවී 104 (12.5) නිශාන් මධුශ්ක නොදැවී 81, පවන් රත්නායක නොදැවී 15

 

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Moors SC සහ BRC අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී.

 

BRC – කඩුලු 9ක් දැවී 177 (50.0) ලිනාල් සුබසිංහ 20, රන්දුණු ගංගනාත් නොදැවී 65, දුලාජ් අශේන් 35, ටිලංග උදේශන 2/30, රමේෂ් මෙන්ඩිස් 3/32, ප්‍රවීන් ජයවික්‍රම 2/31

 

Moors SC – කඩුලු 3ක් දැවී 139 (26.4) ජනිශ්ක පෙරේරා 39, දිනුක ඩිල්ශාන් 20, සදීර සමරවික්‍රම නොදැවී 40, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 31

 

Moors කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්. 

Police SC සහ Colts CC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය.

 

Police SC – සියලුම දෙනා දැවී 138 (44.4)හේශාන් ධනුශ්ක 20, විශාද් රන්දික 31, රශ්මික හිරුෂාන් 28, දිලුම් සුදීර නොදැවී 24, හර්ෂණ වික්‍රමසිංහ 2/11, අකිල දනංජය 3/24, සනෝජ් දර්ශික 2/34

 

Colts CC – කඩුලු 4ක් දැවී 139 (22.2) යශෝධ ලංකා 34, ශෙරාන් ෆොන්සේකා 27, රවිඳු රසාන්ත නොදැවී 34, ධනංජය ලක්ෂාන් 38, නලින් ප්‍රියදර්ශන 2/18

 

Colts කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<