රුමේෂ් තරංග නව ජාතික වාර්තාවක් සමඟින් ඔලිම්පික් පෙනෙන මානයට!

Asian throwing Championship 2024

81
Asian throwing Championship 2024

ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග විසින් සමත් වුනා.

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියට සහභාගී අද (15) සහභාගී වූ රුමේශ් විසින් මීටර් 85.45ක දුරක් හෙල්ල විසිකිරීමට සමත් වූ අතර, මෙය මීට පෙර සුමේද රණසිංහ විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව මීටර් 2.41කින් අලුත් කිරීමට සමත් වීමක්.

එමෙන්ම මෙය මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම ආසන්නයට ම පැමිණි අතර, ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීම සඳහා සපුරා ගැනීමට ඉතිරි වුනේ තවත් සෙන්ටිමීටර 5ක් පමණයි.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ පරිසාදන මට්ටම ලෙස මීටර් 85.50ක් සටහන් වී තිබෙනවා.

එමෙන්ම මෙය නව තරගාවලි වාර්තාවක් ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

මේ අතර මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම මීට පෙර ජාතික වාර්තාව හිමි වූ සුමේද රණසිංහ සතු වූ අතර, ඔහුගේ දක්ෂතාව ලෙස මීටර් 77.57ක් සටහන් වුනා.

මීට අමතරව තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේ විසින් මෙවර තරගවාරයේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව (මීටර් 57.94) වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම ඩයනා මදුවන්ති විසින් මීටර් 48.46ක් සමඟින් ඉසව්වේ හත්වැනි ස්ථානය ලබාගැනීමට ද සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<