පාකිස්තානය සහ නවසීලන්තය ගෙදර යවමින් ඇමරිකා සහ ඇෆ්ගන් කණ්ඩායම් සුපිරි 8ට!

ICC T20 Cricket World Cup 2024

65
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 29 වැනි තරගයෙන් පැපුවා නිව් ගිනියාවට එරෙහිව කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ (14) සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගන් නායකයා විසින් පැපුවා නිව් ගිනියාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ඔවුන් විසින් සියලු ක්‍රීඩකයින් දැවී යමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 95ක් පමණයි.

මෙහි දී නිව් ගිනියාව වෙනුවෙන් Kiplin Doriga ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. මීට අමතරව Naveen-ul-Haq විසින් කඩුලු 2ක් දවා ගත්තා.

පැපුවා නිව් ගිනියාවෙන් ලද පහසු ඉලක්කය පන්දුවාර 15 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවෙමින් හඹා යාමට ඇෆ්ගනිස්තානය විසින් සමත් වූ අතර, මෙහි දී ඇෆ්ගන් ඉනිම ශක්තිමත් කළ Gulbadin Naib නොදැවී ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.

  • පැපුවා නිව් ගිනියාව – 95 (19.5) Kiplin Doriga 27, Fazalhaq Farooqi 3/16, Naveen-ul-Haq 2/4
  • ඇෆ්ගනිස්තානය – 101/3 (15.1) Gulbadin Naib 49*, Semo Kamea 1/16

තරගයේ වීරයා – Fazalhaq Farooqi

මෙම ජයග්‍රහණයත් සමඟින් ඇෆ්ගනිස්තානය විසින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟින් ම ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ගියා.

මේ අතර ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිත ව තිබූ ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර තරගය වර්ෂාවට සේදී යාම නිසා ඇමරිකානු කණ්ඩායම ද සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් පාකිස්තානය ද මෙවර තරගාවලියෙන් ඉවතට විසිවී යාම විශේෂ සිදුවීමක්.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<