විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩයේ පැවැති තරගයක දී නවසීලන්තයට එරෙහිව ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ අද (13) සමත් වුනා.
මේ සමඟ ඔවුන් මෙම කාණ්ඩයේ මෙතෙක් සහභාගී වූ තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානයේ රැදී සිටින අතර නවසීලන්තය තමන් සහභාගී වූ තරග ද්විත්වය ම පරාජය වීම නිසා ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයට පත් ව සිටිනවා.
මෙම කාණ්ඩයෙන් මෙතෙක් නිමා වූ තරග අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානය ඇෆ්ගනිස්තානය ද, 3 වැනි ස්ථානය උගන්ඩාව ද සහ 4 වැනි ස්ථානය පැපුවා නිව් ගිනීයාව ද රැදී සිටිනවා.
අද Trinidad හී Brian Lara ක්‍රීඩාංගණයේ දී පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර තරගයේ දී කාසියේ වාසිය දිනු නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නවසීලන්ත ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණයි.
කොදෙව් ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 30කට සීමා කරමින් නවසීලන්ත පන්දු යවන්නෝ දැක් වූ දක්ෂතාව සහමුලින් ම වෙනතක යොමු කිරීමට 25 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Sherfane Rutherford සමත් වුනා.
කොදෙව් ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යන විට Sherfane Rutherford පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 31ක් ලබා ගෙන සිටි අතර ඉන් අනතුරු ව ඉනිම අවසන් වීමට යැවූ පන්දු 13න් පන්දු 12කට මුහුණ දෙන ඔහු හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමඟින් එම පන්දු 12දී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වෙනවා.
කොදෙව් ඉනිම අවසන් වන විට පන්දු 39කට මුහුණ දුන් Sherfane Rutherford හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා. එය තරග 15ක් වන ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම දක්ෂතාව ද වූවා. ඊට කෘතගුණ ලෙසින් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා.
කඩුලු ලබා ගැනීමේ දී Trent Boult ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Tim Southee සහ Lockie Ferguson කඩුලු 2ක් බැගින් ද James Neesham සහ Mitchell Santner කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- බංගලින්ට අවසන් මොහොතේ තරගය අහිමි වෙයි
- පළමු ශතකය නිශාන් මධුශ්කගෙන්
- පන්දු යවන්නන්ට නතු වූ තරගයේ ජය ඉන්දියාවට!
- කොදෙව්වෝ වාර්තාගත ජයක් ලබා ගනී
- පාකිස්තාන සුපිරි තරු අසරණ කළ ඉන්දීය සූපවේදියා
පිළිතුරු ඉනිමේ දී නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 39ක් වෙද්දී දැවී ගිය ද අනතුරු ව තරමක් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ඔවුන් සමත් වූවා. එහි දී වැඩි වගකීමක් ගෙන පිතිකරණයේ යෙදුණේ Glenn Phillips.
නමුත් ඉනිමේ 18 වැනි පන්දුවාරය යැවූ Alzarri Joseph විසින් Glenn Phillips ගේ කඩුල්ල දවා ගන්නා ලද අතර ඊට පසු පන්දුවේ දී Tim Southee ද දවා ගැනීමට ඔහු සමත් වුනා. ඒ සමඟ නවසීලන්ත ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 108ක් බවට පත් වුනා.
අනතුරු ව පන්දු වාරයේ දී Trent Boult ට ද තම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයක දී හැර යන්නට සිදු වූවා. නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ඉනිමේ අවසන් පන්දු වාරයේ දී ලකුණු 33ක් අවශ්‍ය වූ අතර Mitchell Santner විසින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්ත ද එය තරගය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් වූයේ නැහැ.
නවසීලන්ත පරාජිත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Glenn Phillips. ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. ඊට අමතර ව Finn Allen පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Mitchell Santner පන්දු 12ක දී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Alzarri Joseph ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර Gudakesh Motie ලකුණු 25කට කඩුලු 3ක් ද සහ Akeal Hosein සහ Andre Russell කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 9ක් දැවී 149 (20.0) Nicholas Pooran 19, Sherfane Rutherford නොදැවී 68, Trent Boult 3/16, Tim Southee 2/21, Lockie Ferguson 2/27
නවසීලන්තය – කඩුලු 9ක් දැවී 136 (20.0) Finn Allen 26, Glenn Phillips 40, Mitchell Santner නොදැවී 21, Alzarri Joseph 4/19, Gudakesh Motie 3/25
බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 13ක ජයක්.
තරගයේ වීරයා – Sherfane Rutherford (බටහිර ඉන්දීය කොදෙව්)
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<