බෲනායි හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි

Sri lanka Football Tour of Brunei 2024

134

ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර පැවැත්වුණ තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට බෲනායි දේශය ඊයේ (11) සමත් වුනා. 

දෙරට අතර පැවැත්වුණු පළමු තරගයෙන් ද බෲනායි දේශයට ගෝල 1-0ක ජයග්‍රහණයක් හිමි වූ අතර, ඊයේ තරගයේ පළමු අර්ධයේ දී බෲනායි නායක Muhd Azwan විසින් තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කරමින් තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් වුනා. 

තරගයේ දෙවැනි අර්ධයේ දී (61 වැනි මිනිත්තුවේ දී) තරගයේ ලද දෙවැනි කහ කාඩ් පතත් සමඟින් බෲනායි ක්‍රීඩක Indera Putera විසින් තරගයෙන් ඉවත් කෙරුණු අතර, ඒ මොහොතේ පටන් බෲනායි කණ්ඩායමට ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩාවේ යෙදීමට සිදු වුනා. නමුත් ශ්‍රී ලංකාවට එහි වාසිය ද තමා වෙතට හරවා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, තරගයේ ජයග්‍රහණය බෲනායි වෙතට හිමි වුනා. 

දේශීය පාපන්දු පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<