බංගලින්ට අවසන් මොහොතේ තරගය අහිමි වෙයි

ICC Men's T20 World Cup 2024

84
South Africa Cricket

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 21ක් වැනි තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (10) සමත් වුනා. 

ඇමරිකාවේ නිව් යෝර්ක් හි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය අප්‍රිකාව සතු වූ අතර, ඔවුන් පළමුව පන්දුවට පහර දෙමින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 113ක් පමණයි. 

මෙහි දී දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Heinrich Klaasen විසින් පන්දු 44ක් තුළ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර,  David Millerගේ පිත්තෙන් ලකුණු 29ක් වාර්තා වුනා. 

මේ අතර Tanzim Hasan Sakib විසින් බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

බැලූ බැල්මට ම පහසු ඉලක්කයක් බව පෙනෙන්නට තිබුනත් එය හඹා යාම බංග්ලාදේශයට ද ඉතා අසීරු කාර්යයක් වුනා. 

මෙහි දී බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4ක් ලකුණු 50ක් තුළ බිඳ වැටුණු අතර, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තරගයේ දී මෙන්ම මෙහි දීත් Towhid Hridoy විසින් අගනා ඉනිමක් දියත් කරමින් තරගය නැවතත් බංග්ලාදේශය දෙසට හැරවීමට සමත් වුනා. 

Hridoy විසින් හයේ පහර දෙකක් ද සමඟින් පන්දු 34කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනත්, ඔහුගේ දැවී යාමෙන් පසුව බංග්ලාදේශයට ඉලක්කය හඹා යාම තරමක් අපහසු වුනා. මෙහි දී බංග්ලාදේශ ක්‍රීඩක Mahmudullah විසින් තරගය අවසන් පන්දුවාරය තෙක් රැගෙන එමින්, Keshav Maharaj විසින් යොමු කළ ඉනිමේ විසි වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට යාමේ දී දැවී ගියා. ඒත් සමඟම බංග්ලාදේශයට තරගය ගැන තිබූ බලාපොරොත්තු සියල්ලම සුනු විසුනු වී ගිය අතර, අප්‍රිකානුවන්ට තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි වුනා. 

  • දකුණු අප්‍රිකාව – 113/6 (20) Heinrich Klaasen 46, David Miller 29, Tanzim Hasan Sakib 3/18, Taskin Ahmed 2/19 
  • බංග්ලාදේශය – 109/7 (20) Towhid Hridoy 37, Mahmudullah 20, Keshav Maharaj 3/27, Anrich Nortje 2/17 

තරගයේ වීරයා – Heinrich Klaasen  

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<