2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 20 වැනි තරගය ලෙස පැවැත්වුණු ස්කොට්ලන්තය සහ ඕමානය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ස්කොට්ලන්තය අද (10) උදෑසන සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමානය විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී යමින් ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ඕමාන ආරම්භක පිතිකරු Pratik Athavale ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර Ayaan Khan විසින් නොදැවුණු ලකුණු 41ක් ඉනිමට එක් කළා.
මේ අතර ස්කොට්ලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ Safyaan Sharif කඩුලු 2ක් දවා ගත්තා.
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
ඕමානයෙන් එල්ල වූ ලකුණු 151ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු George Munseyගේ පිත්තෙන් වේගවත් ලකුණු 40ක් ඉනිමට එක් වූ අතර, අංක තුන පිතිකරු වූ Brandon McMullenගේ පිත්තෙන් පන්දු 31ක් තුළ ලකුණු 61ක් වාර්තා වුනේ හතරේ පහර 9ක් සහ හයේ පහර දෙකක් ද සමඟිනුයි.
ඒ අනුව ස්කොට්ලන්තය විසින් පන්දුවාර 13 එක් පන්දුවක් තුළ කිසිදු අපහසුතාවකින් තොරව අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනේ කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර ගනිමිනුයි.
- ඕමානය – 150/7 (20) Pratik Athavale 54, Ayaan Khan 41*, Safyaan Sharif 2/40
- ස්කොට්ලන්තය – 153/3 (13.1) Brandon McMullen 61*, George Munsey 40, Bilal Khan 1/12
තරගයේ වීරයා – Brandon McMullen
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<