2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වුණු 16 වැනි තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (08) රාත්‍රියේ සමත් වුනා.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව නෙදර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
නෙදර්ලන්තය විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉතා මන්දගාමී ව ඇදී ගිය මෙම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Sybrand Engelbrecht විසින් පන්දු 45කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර නෙදර්ලන්තයට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Ottneil Baartman විසින් ලකුණු 11කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
නෙදර්ලන්තයෙන් ලද ඉලක්කය බැලූ බැල්මට ම පහසු එකක් බව පෙනුනත්, මීට පෙර තරගයේ දී ශ්‍රී ල,කාවට එරෙහිව දියත් කළ ජයග්‍රාහී ඉනිමේ දී මෙන්ම, මෙවරත් අප්‍රිකානු පිතිකරුවන් අන්ත අසරණ වුනා.
මෙහි දී දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 12ක් තුළ දවා ගැනීමට නෙදර්ලන්තය විසින් සමත් වූ අතර, මේ මොහොතේ කඩුල්ලේ එක් වූ David Miller සහ Tristan Stubbs අතරේ ලකුණු 65ක සබඳතාවක් එක් වුනා.
එම සබඳතාවෙන් පන්නරය ලබා ගත් අප්‍රිකානුවන් පන්දුවාර 18 පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මේ වෙනුවෙන් Stubbsගේ පිත්තෙන් ලකුණු 33ක් වාර්තා වන අතරේ, අප්‍රිකානු කොඳු නාරටිය බඳු වූ Miller පන්දු 51කින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වී තිබුණා.
- නෙදර්ලන්තය – 103/9 (20) Sybrand Engelbrecht 40, Ottneil Baartman 4/11, Anrich Nortje 2/19
- දකුණු අප්‍රිකාව – 106/6 (18.5) David Miller 59*, Tristan Stubbs 33, Vivian Kingma 2/12, Logan van Beek 2/21
තරගයේ වීරයා – David Miller
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<