තරුශි නැවතත් ලක් මව රනින් සරසයි

Taiwan Athletics Open 2024

90
Tharushi grabs gold

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනයේ දී කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට තරුශි කරුණාරත්න සමත් වුනා. 

තායිවානයේ පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවන දිනය වන අද (02) උදෑසන කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේ විසින් මීටර් 52.79ක දුරක් හෙල්ල විසිකරමින් එම ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. 

ඉන් පසුව අද සවස් වරුවේ දී කාන්තා මීටර් 800 ඉසව්ව පැවැත්වුණු අතර එම ඉසව්ව නියෝජනය කරමින් තරුශි ධාවන පථයට පිවිසුණා. මෙහි දී ඇය කිසිඳු අපහසුවකින් තොරව තම ධාවනය සිදු කරමින් මිනිත්තු 2.05.74 කාලයක් සමඟ ඉසව්ව නිම කරමින් පළමු ස්ථානය දිනා ගත්තා. 

කෙසේ වෙතත් අධික වර්ෂාව මධ්‍යයේ මෙම ඉසව්ව පැවැත්වීම නිසා තරුශිට සිය පෞද්ගලික හොඳම දක්ෂතාවක් කරා යාමට නොහැකි වීම කණගාටුදායක සිදුවීමක්. 

එමෙන්ම අද උදෑසන අරුණ දර්ශන පිරිමි මීටර් 200 ඉසව්වේ මූලික වටයට සහභාගී වූ අතර, එහි දී ඔහු සහභාගී වූ තරගයට ඔලිම්පික් ශූර කැනඩාවේ Andre De Grasse ද සහභාගී වීම විශේෂත්වයක්. එම තරග වටයේ දී තත්පර 20.99ක කාලයක් වාර්තා කිරීමට අරුණ විසින් සමත් වුනා. 

කෙසේ වෙතත් එම ඉසව්වේ අවසන් තරගය ද අද සවස ක්‍රියාත්මක වූ අතර, එහි දී තත්පර 21.06ක් කාලයක් සමඟ අරුණට හිමි කර ගැනීමට හැකි වුනේ පස් වැනි ස්ථානයයි. 

දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාවේ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<