2024 පාසල් රග්බි උණුසුමේ පෙරදැක්ම

Dialog Schools Rugby League 2024

196

2024 දේශීය පාසල් රග්බි උන්මාදයේ ඇරඹුම සනිටුහන් කරමින් එළඹෙන ජුනි මාසයේ දී 2024 Dialog පාසල් රග්බි ලීගය (පළමු කොටසේ A තරගාවලිය) ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන මෙවර තරගාවලියට කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන ජුනි මස 14 වැනි දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග ජුනි 14 සිට ජුලි 28 දක්වා සති හතක කාලයක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර, ඉන් පසුව අවසන් වටයේ තරග අගෝස්තු මස 10 සිට 18 දක්වා පැවැත්වෙනු ඇති.

තරගාවලියේ මූලික වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් 16, 1A සහ 2A ලෙස කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර ඇති අතර, මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ද්විත්වය හිමි කර ගන්නා කණ්ඩායම් දෙක ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. එමඟින් තරගාවලියේ ලීග් ශූරයින් තෝරා ගැනීමට නියමිත අතර, ඉන් පසුව පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය වෙනුවෙන් තරග පැවැත්වෙනු ඇති.

Segment 1A Segment 2A
ඉසිපතන විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය රාජකීය විද්‍යාලය
D.S සේනානායක විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය
ත්‍රිත්ව විද්‍යාලය වෙස්ලි විද්‍යාලය
සාන්ත තෝමස් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය
විද්‍යා විද්‍යාලය සහිරා විද්‍යාලය
ධර්මරාජ විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය තර්ස්‍ටන් විද්‍යාලය

 

පසුගිය වසරේ දී සාන්ත පීතර විද්‍යාලය විසින් ලීග් ශූරතාව මෙන්ම, ජනාධිපති කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඊට අමතරව ඉසිපතන විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය ලීග් ශූරතාව සඳහා තරග වැදුණු මුල් කණ්ඩායම් හතර අතරට ඇතුළත් වුනා.

එමෙන්ම මෙම වසර මුල දී පැවැත්වුණු Dialog පාසල් රග්බි සත්සාමාජික තරගාවලියේ ශූරතාව ද ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, රාජකීයයන්ට එහි අනුශූරතාව හිමි වුනා.

ඒ අනුව මෙවරත් තරගාවලිය ආරම්භයට පෙර සිටම ශූරතාව වෙනුවෙන් සටනේ පීතර ක්‍රීඩකයින් පෙරමුණේ රැඳී සිටින බව විශ්වාස කළ හැකි අතර, ඊට අමතරව ඉසිපතන, රාජකීය, ත්‍රිත්ව, සාන්ත තෝමස් සහ D.S.සේනානායක විද්‍යාල පිළිබඳව ද අවධානය තබා ගත හැකි.

එමෙන්ම තරගාවලියේ ගුණාත්මක බාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් Dialog Axiata හි සහය ද සහිතව ස්වාධීන තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් පියවර ගෙන ඇති අතර, තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණවල ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහි ද ඔවුන් අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

පලමු සතිය

Home Team Away Team Venue Date
සාන්ත ජෝසප් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය Havelock Park ජුනි 14
ඉසිපතන විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය Havelock Park ජුනි 15
සාන්ත අන්තෝනි විද්‍යාලය විද්‍යා විද්‍යාලය Nittawela Stadium ජුනි 15
D.S සේනානායක විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය CR & FC ජුනි 15
ත්‍රිත්ව විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය Pallekelle ජුනි 15
සාන්ත පීතර විද්‍යාලය තර්ස්‍ටන් විද්‍යාලය Bambalapitiya ජුනි 15
රාජකීය විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය Royal Complex ජුනි 15
සහිරා විද්‍යාලය වෙස්ලි විද්‍යාලය Zahira Grounds ජුනි 15

දෙවන සතිය

Home Team Away Team Venue Date
කිංග්ස්වුඩ් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය Bogambara Stadium ජුනි 21
ශ්‍රී සුමංගල විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය Bogambara Stadium ජුනි 22
සාන්ත තෝමස් විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය S. Thomas’ Grounds ජුනි 22
D.S සේනානායක විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය Havelock Park ජුනි 22
සහිරා විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය Zahira Grounds ජුනි 22
තර්ස්‍ටන් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය Air Force Grounds ජුනි 22
විද්‍යා විද්‍යාලය ඉසිපතන විද්‍යාලය Air Force Grounds ජුනි 23
විද්‍යාර්ථ විද්‍යාලය රාජකීය විද්‍යාලය Nittawela Stadium ජුනි 23

තෙවන සතිය

Home Team Away Team Venue Date
D.S සේනානායක විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය Havelock Park ජුනි 28
කිංග්ස්වුඩ් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය Bogambara Stadium ජුනි 28
ඉසිපතන විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය Havelock Park ජුනි 29
සාන්ත පීතර විද්‍යාලය වෙස්ලි විද්‍යාලය Bambalapitiya ජුනි 29
තර්ස්‍ටන් විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය Air Force Grounds ජුනි 29
සහිරා විද්‍යාලය රාජකීය විද්‍යාලය Zahira Grounds ජුනි29
විද්‍යා විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය Air Force Grounds ජුනි30
ශ්‍රී සුමංගල විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය Bogambara Stadium ජුනි 30

සිව්වන සතිය

Home Team Away Team Venue Date
සාන්ත ජෝසප් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය Havelock Park ජුලි 5
ඉසිපතන විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය Havelock Park ජුලි 6
ත්‍රිත්ව විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය Pallekelle ජුලි 6
කිංග්ස්වුඩ් විද්‍යාලය සහිරා විද්‍යාලය Nittawela Stadium ජුලි 6
තර්ස්‍ටන් විද්‍යාලය රාජකීය විද්‍යාලය Air Force Grounds ජුලි 6
විද්‍යා විද්‍යාලය D.S සේනානායක විද්‍යාලය Air Force Grounds ජුලි 7
විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය Nittawela Stadium ජුලි 7
ශ්‍රී සුමංගල විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය Bogambara Stadium ජුලි 7

පස්වන සතිය

Home Team Away Team Venue Date
වෙස්ලි විද්‍යාලය රාජකීය විද්‍යාලය Havelock Park ජුලි 12
ඉසිපතන විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය Havelock Park ජුලි 13
සාන්ත තෝමස් විද්‍යාලය D.S සේනානායක විද්‍යාලය S. Thomas’ Grounds ජුලි 13
විද්‍යා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය Air Force Grounds ජුලි 13
සාන්ත පීතර විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලය Bambalapitiya ජුලි 13
සහිරා විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය Zahira Grounds ජුලි 13
කිංග්ස්වුඩ් විද්‍යාලය තර්ස්‍ටන් විද්‍යාලය Bogambara Stadium ජුලි 13
ධර්මරාජ විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය Bogambara Stadium ජුලි 14

හයවන සතිය

Home Team Away Team Venue Date
සාන්ත ජෝසප් විද්‍යාලය රාජකීය විද්‍යාලය Havelock Park ජුලි 19
ත්‍රිත්ව විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය Pallekelle ජුලි 19
වෙස්ලි විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය TBC ජුලි 19
සාන්ත තෝමස් විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය S. Thomas’ Grounds ජුලි 20
සාන්ත පීතර විද්‍යාලය සහිරා විද්‍යාලය Bambalapitiya ජුලි 20
ධර්මරාජ විද්‍යාලය විද්‍යා විද්‍යාලය Bogambara Stadium ජුලි 20
D.S සේනානායක විද්‍යාලය ඉසිපතන විද්‍යාලය Sugathadasa Stadium ජුලි 21
විද්‍යාර්ථ විද්‍යාලය තර්ස්‍ටන් විද්‍යාලය Nittawela Stadium ජුලි 21

හත්වන සතිය

Home Team Away Team Venue Date
සාන්ත ජෝසප් විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය Havelock Park ජුලි 26
සාන්ත අන්තෝනි විද්‍යාලය ඉසිපතන විද්‍යාලය Nittawela Stadium ජුලි 27
D.S සේනානායක විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය Havelock Park ජුලි 27
විද්‍යා විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය Air Force Grounds ජුලි 27
සාන්ත තෝමස් විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය S. Thomas’ Grounds ජුලි 27
රාජකීය විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය Royal Complex ජුලි 27
සහිරා විද්‍යාලය තර්ස්‍ටන් විද්‍යාලය Zahira Grounds ජුලි 27
විද්‍යාර්ථ විද්‍යාලය වෙස්ලි විද්‍යාලය Nittawela Stadium ජුලි 28

තරගාවලියේ උණුසුම සජීවී ව අත්විඳීමේ අවස්ථාව මෙවරත් ThePapare ඔබ වෙත ලබා දීමට සූදානමින් පසුවනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<