තායිලන්තයේ බැංකොක් හිදි පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් වුනා.
ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා නියෝජනය වූ මිශ්‍ර 400×4 කණ්ඩායම විසින් අද දිනයේ දී මිනිත්තු 3.17.00ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, මිනිත්තු 3.14.12ක කාලයක් වාර්තා කරමින් ඉන්දියාව තරගයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
තරගයේ තෙවැනි ස්ථානය වියට්නාමයට හිමි වුනා.
- ශ්‍රී ලංකාවට පළමු දිනයේම රිදී පදක්කමක්
- කාලිංග කුමාරගේ ජපානයේ දී ජයග්රහණයක් වාර්තා කරයි
- ලෝක සහය දිවීමේ ශූරතාවලියට ඇමරිකානු ආක්රමණයක්!
- නදීශාට දෙවැනි තැන ලැබෙද්දී යුපුන් තෙවැනි තැනට!
- තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්රයා ඩැහැ ගනී!
මෙම තරගයේ දී අරුණ දර්ශන, සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර සහ නදීශා රාමනායක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගී වුනා.
මේ අතර හෙට (21) දිනයෙ දී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි මීටර් 400×4 සහ 100×4 කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතයි.
තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව ඔබ වෙත තොරතුරු සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.