එශාන් පීරිස්ට තායිලන්තයේ දී ජයග්‍රහණයක්

GT World Challenge Asia 2024

59

තායිලන්තයේ පැවැත්වුණු GT World Racing Asia (GTWC) තරගාවලියේ සිව්වැනි තරගවටයේ දී Silver කාණ්ඩය යටතේ ජයග්‍රහණයක් ලැබීමට එශාන් පීරිස් විසින් සමත් වී තිබෙනවා.

එමෙන්ම ඔහු විසින් තෙවන තරගවටයේ දී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වී තිබුණා.

මෙම ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් එශාන් මෙන්ම ඔහුගේ කණ්ඩායම් සගයා වූ Tanart Sathiethirakulගෙන් ද විශාල සහයක් ලැබුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම සිය තරග වෙනුවෙන් සහය ලබා දුන් සියලු ශ්‍රී ලාංකිකයින්ට ද ඔහු සිය ස්තුතිය පුද කිරීමට අමතක කළේ නැහැ.

මෙහි දී සිව්වැනි තරගවටයේ ජයග්‍රහණය ලැබීම සහ තෙවැනි තරග වටයේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වීමට අමතරව ඔවුන් සමස්ත තරගයේ හය වැනි ස්ථානයට පත් වීමට සමත් වීම ද විශේෂත්වයක්.

ජපානයේ පැවැත්වීමට නියමිත තම මීළඟ තරගයට පෙර කෙටි විවේකයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එශාන් ජයග්‍රහණයෙන් අනතුරුව වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<