ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන අන්තර් ක්රීඩා සමාජ Major Clubs විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරගවල දී කමිල් මිෂාර, සනෝජ් දර්ශික සහ සුපුන් මධුශංක දක්ෂතා දැක් වීමට සමත් වූවා.
Nugegoda සහ NCC කණ්ඩායම අතර Bloomfield පිටියේ දී පැවැති තරගයේ දී NCC කණ්ඩායමේ කමිල් මිෂාර පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් දිනයේ හොඳම ඉනිම ක්රීඩා කළ පිතිකරු බවට පත් වුනා. එම ඉනිම ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ හොඳම ඉනිමයි.
එමෙන් ම විස්සයි විස්ස පිටියේ තමන්ගේ හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට Colts ක්රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන සනෝජ් දර්ශික සහ Police ක්රීඩා සමාජයේ පා දඟ පන්දු යවන සුපුන් මධුශංක සමත් වීම ද කැපී පෙණුනා.
සනෝජ් දර්ශික Kandy Customs කණ්ඩායමට එරෙහි ව ලකුණු 05කට කඩුලු 4ක් දවා ගනිමින් එම දක්ෂතාව සිදු කළ අතර සුපුන් මධුශංක CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම කඩඉම්වලට පිවිසියා.
මේ අතර අද පැවැති තරගවල දී Colts ක්රිකට් සමාජය Kandy Customs ක්රිකට් සමාජයට එරෙහිව කඩුලු 7ක ජයක් ද, Bloomfield ක්රිකට් සමාජය Panadura ක්රීඩා සමාජයට එරෙහිව කඩුලු 8ක ජයක් ද, NCC කණ්ඩායම Nugegoda ක්රීඩා සමාජයට එරෙහිව කඩුලු 7ක ජයක් ද සහ CCC කණ්ඩායම Police ක්රීඩා සමාජයට එරෙහිව ලකුණු 46ක ජයග්රහණයක් ද වාර්තා කිරීමට සමත් වූවා.
- ලක්ෂිත, ඩිල්ශාන් සහ පසිඳු පන්දුවෙන් දස්කම් අතරට
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Kandy Customs සහ Colts අතර Bloomfield ක්රිකට් ක්රීඩාංගණයේ දී.
Kandy Customs ක්රිකට් සමාජය – සියලුම දෙනා දැවී 91 (20.0) සසිත් මනුරංග 33, සහන් කෝසල 22, අකිල ධනංජය 3/18, සනොජ් දර්ශික 4/05
Colts ක්රිකට් සමාජය – කඩුලු 3ක් දැවී 92 (11.4) දිනේෂ් චන්දිමාල් නොදැවී 46, රවිඳු රසාන්ත නොදැවී 36, Asjath Khan 2/25
Colts ක්රිකට් සමාජයට කඩුලු 7ක ජයක්.
Panadura සහ Bloomfield අතර SSC පිටියේ දී.
Panadura ක්රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 125 (20.0) හිරුන් කපුරුබණ්ඩාර 33, රමේෂ් විතානවසම් නොදැවී 31, නිමේෂ් විමුක්ති 18, ලහිරු මධුශංක 2/37, සචිත ජයතිලක 2/14
Bloomfield ක්රිකට් සමාජය – කඩුලු 2ක් දැවී 129 (18.3) හසිත අමරසිංහ 44, හසිත බෝයගොඩ 35, කසුන් අබේරත්න නොදැවී 22, ලහිරු මධුශංක නොදැවී 26
Bloomfield ක්රිකට් සමාජයට කඩුලු 8ක ජයක්.
Nugegoda සහ NCC අතර Bloomfield ක්රිකට් ක්රීඩාංගණයේ දී.
Nugegoda ක්රීඩා සමාජය – සියලුම දෙනා දැවී 132 (19.1) තිලකරත්න සම්පත් 23, පුලිඳු පෙරේරා 18, ඇන්ජලෝ පෙරේරා 34, රාහුල් ගුණසේකර 27, චාමික කරුණාරත්න 3/17, ලසිත් ඇඹුල්දෙණිය 3/30, සහන් ආරච්චිගේ 2/30
NCC – කඩුලු 3ක් දැවී 135 (12.1) නිරෝෂන් දික්වැල්ල 45, කමිල් මිෂාර 63, සහන් ආරච්චිගේ නොදැවී 20
NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
CCC සහ Police අතර SSC පිටියේ දී.
CCC – කඩුලු 7ක් දැවී 175 (20.0) නිශාන් මධුශ්ක 36, ලසිත් කෲස්පුල්ලේ 48, පවන් පතිරාජ 46, චමිඳු විජේසිංහ නොදැවී 29, සුපුන් මධුශංක 4/24
Police ක්රීඩා සමාජය – සියලුම දෙනා දැවී 129 (19.4) චතුරංග ජයතිලක 25, හේෂාන් ධනුෂ්ක 48, ඉසුරු උදානර 2/20, අශාන් ප්රියංජන් 2/28, ලක්ෂාන් සඳකැන් 2/15, චතුරංග ද සිල්වා 2/20
CCC කණ්ඩායමට ලකුණු 46ක ජයක්.
Major Clubs T20 තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<