ලෝක මලල ක්‍රීඩා මහද්වීප තරගාවලියට අදාළ ව ජපානයේ පැවැත්වුණු 11 වැනි කිනාමි මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (12) සමත් වුනා.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීශා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුශි කරුණාරත්න සහභාගී වූ අතර, එහි පළමු ශ්‍රී ලාංකික නියෝජනය ලෙස නදීශා රාමනායක කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වුනා.
මෙහි දී ඇය විසින් සහභාගී වූ ඉසව්වේ දෙවැනි තරග වටයේ දී තත්පර 54.02ක කාලයක් වාර්තා කරමින් සිව්වැනි ස්ථානය දිනාගත් අතර, එය සමස්ත තරගකාරිනියන් අතර ද සිව්වැනි ස්ථානයට පත් වුනා.
- ලෝක සහය දිවීමේ ශූරතාවලියට ඇමරිකානු ආක්‍රමණයක්!
- නදීශාට දෙවැනි තැන ලැබෙද්දී යුපුන් තෙවැනි තැනට!
- තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්‍රයා ඩැහැ ගනී!
- නව වසරට යුපුන්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
- ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
මින් අනතුරුව කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කරමින් ධාවන පිටියට අවතීර්ණ වූ අතර, ඔහු සිය තරග වටයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ තත්පර 45.92ක කාලයක් වාර්තා කරමිනුයි. මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා වුනා.
මින් පසුව කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් තරුශි කරුණාරත්න තරග බිමට පිවිසීමට නියමිත ව සිටියත් ඇයට අසනීප තත්වයක් නිසා තරගයට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<