එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ හය වැනි සහ අවසන් තරගයෙන් Yellow කණ්ඩායමට එරෙහිව ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Green කණ්ඩායම අද (11) සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය Green කණ්ඩායමට හිමි වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මෙහි දී Green ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරුණු කමිල් මිශාරගේ පිත්තෙන් වේගවත් ලකුණු 42ක් වාර්තා වූ අතර, ඒ වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 23ක් පමණයි.
මීට අමතරව ඉනිමේ පසු පෙළ නියෝජනය කරමින් පිටියට පිවිසි රවිඳු ප්‍රනාන්දු පන්දු 31ක් තුළ ලකුණු 47ක් ඉනිමට එක් කිරීම නිසා නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට Greens කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙහි දී Yellow වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඩිල්ශාන් මදුශංක, වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ඕස්ට්‍රේලියාව හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ලෝක කුසලානයට යයි!
- ඉන්දියාව KL අත්හැර ලෝක කුසලානයට යයි!
- ඇෆ්ගන් ලෝක කුසලාන සංචිතය නම් කෙරේ
- ශ්‍රී ලංකා A කණ්ඩායමට දෙවැනි තරගයෙනුත් පහසු ජයක්
- ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි
Green වෙතින් ලද ඉලක්කය හඹා යාම සඳහා Yellow කණ්ඩායම පිටියට පිවිසුනත් අද දිනයේ දී ඔවුන්ගේ පිතිකරණ බළඇණිය සාර්ථක වුනේ නැහැ. ඉනිමේ සාර්ථකම පිතිකරු වූ කුසල් මෙන්ඩිස් විසින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව පන්දුවාර 15 එක් පන්දුවක් තුළ Yellow කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 101කට දවා ගැනීමට Green පන්දු යවන්නන් විසින් සමත් වුනා.
මෙහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සහන් ආරච්ච්ගේ විසින් ලකුණු 8කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම කසුන් රාජිත විසින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.
- Green– 183/8 (20) රවිඳු ප්‍රනාන්දු 47, කමිල් මිශාර 42, වනිඳු හසරංග 2/31, ඩිල්ශාන් මදුශංක 2/37
- Yellow– 101/10 (15.1) කුසල් මෙන්ඩිස් 38, දුනිත් වෙල්ලාලගේ 18, සහන් ආරච්ච්ගේ 4/8, කසුන් රාජිත 2/20
දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<