ලෝක කුසලාන වරම් නොලද පිතිකරුවන් දස්කම් අතරට!

Sri Lanka World Cup Preparation Tournament 2024

287

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි තරගයෙන් Green කණ්ඩායමට එරෙහිව ලකුණු 38ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Reds කණ්ඩායම ඊයේ (10) සමත් වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය Reds කණ්ඩායමට හිමි වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා. 

මෙහි දී Reds වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිරෝශන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක වේගවත් සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙහි දී දික්වැල්ල විසින් පන්දු 32ක් තුළ ලකුණු 69ක් සහ අවිශ්ක පන්දු 30ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව ඉනිමේ අංක තුන පිතිකරු වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 23කින් ඉනිමට දායක වුනා. 

ඒ අනුව Reds කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වූ අතර, Green කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ තරිඳු රත්නායක කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.  

Red කණ්ඩායමෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි Greens කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 30කින් ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඊට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 46කින් සහ චාමික කරුණාරත්න නොදැවුණු ලකුණු 33කින් ඉනිමට දායකත්වය ලබා දුන්නා. 

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 20 තුළ ඔවුන්ට කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 174ක් පමණයි. මෙහි දී Re       ds වෙනුවෙන් චරිත් අසලංක සහ දසුන් ශානක කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා. 

  • Reds – 212/6 (20) නිරෝශන් දික්වැල්ල 69, අවිශ්ක ප්‍රනාන්දු 52, තරිඳු රත්නායක 2/28 
  • Greens – 174/7 (20) කුසල් පෙරේරා 57, රමේෂ් මෙන්ඩිස් 46, දසුන් ශානක 2/18, චරිත් අසලංක 2/22 

මෙම තරගයේ දී විශිෂ්ට ඉනිම් දියත් කරමින් අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයින් තිදෙනා ම මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීමත් විශේෂත්වයක්. 

මෙම තරගාවලියේ හය වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) Yellow සහ Green කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<