එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගයෙන් Green කණ්ඩායමට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට Red කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දී සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය Green කණ්ඩායම සතු වූ අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
ඒ අනුව Green වෙනුවෙන් ආරම්භ පිතිකරුවන් ලෙස දිනේශ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් එක් කිරීමට සමත් වුනා.
කෙසේ වෙතත් Red වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිමේශ් විමුක්ති විසින් මොවුන් දෙදෙනාව ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූ අතර, එතැනින් ද නොනැවතුණු නිමේශ් සිය පන්දුවාර හතර තුළ ලකුණු 23ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
නිමේශ් විසින් සිදු කළ එම දැවැන්ත තර්ජනය නිසා Green ඉනිම දරුණු ඇද වැටීමකට ලක් වූ අතර, සහන් ආරච්ච්ගේ, චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් විසින් තරමක් සෙමෙන් නමුත් සිය ඉනිම ලකුණු 150 සීමාව කරා රැගෙන ඒමට සමත් වුනා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට Green කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
- ඕස්ට්‍රේලියාව හොඳම ක්‍රීඩකයෙක් අත්හැර ලෝක කුසලානයට යයි!
- ඉන්දියාව KL අත්හැර ලෝක කුසලානයට යයි!
- ඇෆ්ගන් ලෝක කුසලාන සංචිතය නම් කෙරේ
- ශ්‍රී ලංකා A කණ්ඩායමට දෙවැනි තරගයෙනුත් පහසු ජයක්
- ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි
Green කණ්ඩායමෙන් ලද ලකුණු 152ක ඉලක්කය හඹා යාම සඳහා Red කණ්ඩායම වෙනුවෙන් නිරෝශන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණු අතර, මෙවරත් දික්වැල්ලගේ පිත්ත ක්‍රියාත්මක වුනේ නැහැ. කෙසේ වෙතත් අවිශ්ක විසින් පන්දු 23කින් ලකුණු 48ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා.
මීට අමතරව කමිදු මෙන්ඩිස් සහ අහන් වික්‍රමසිංහ විසින් පිළිවලින් ලකුණු 23ක් සහ 22ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව Red ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීම ආරම්භ වුනා. කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක වූ නිමේශ් විමුක්ති පන්දු 11කින් වටිනා ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වූ අතර, මීට අමතරව ලහිරු සමරකෝන් විසින් ද ලකුණු 11කින් ඉනිමට දායක වීම නිසා ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී Red කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
- Greens – 151/9 (20) දිනේශ් චන්දිමාල් 30, චාමික කරුණාරත්න 29, නිමේශ් විමුක්ති 4/23
- Reds – 155/9 (19.5) අවිශ්ක ප්‍රනාන්දු 48, කමිඳු මෙන්ඩිස් 23, ගරුක සංකේත් 2/13, ලක්ෂාන් සඳකැන් 2/22
තරගාවලියේ තෙවැනි තරගය Yellow සහ Green කණ්ඩායම් අතර අද (05) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<