මැංගුස් සටනට තිස්ස පිතිකරුවන් හැඩ දමයි

64th Battle of the Mangosteen

98
64th Battle of the Mangosteen

කලුතර විද්‍යාලය සහ කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 64 වැනි වරටත් පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (03) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරුණි.

එහි දී පළමු වෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 30ක් ලබා සිටිය හ.

Battle of the Mangosteen, මොරටුව, 03  04 මැයි 2024

o කාසියේ වාසිය – තිස්ස මධ්‍ය මහා විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොරටුව.

තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – හිරුෂ නෙත්සර (නායක), අජිත බුද්දිල, අශාන් විශ්ව, හේසිත අනුහස්, ඉෂාර මලිත් (කඩුලු රකින්නා), මලිඳු ඩිල්ශාන්, මල්ශ කවිශාන්, මිනූෂ මලිත්, රන්දික පියුම්, තාරුක සමන්ජිත්, උමන්ත ආකාශ්.

කළුතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – යුතික දිල්රුක් (නායක), අදීශ පබසර, දේශාන් ආලෝක, අමෝද්‍ය අත්තනායක, ලසිඳු කලුතරගේ, ලිවිරු සෙන්මිත, නිතික ෆොන්සේකා, පසිදු දුලංජ (කඩුලු රකින්නා), ශීර්ෂ තාරුක, උදන් තේජක, වර්ශ හංසජිත්.

කාසියේ වාසිය දිනා ගත් තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තමන් කෙරෙහි බැඳි විශ්වාසය අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට කතිකා කර ගත් හ. ඒ අනුව  පිටියට පිවිසි ඔවුන් තමන්ගේ සිතිවිලි පිටිය තුළ වැපිරුවේ අර්ධ ශතක 3ක් ද තම ඉනිමට ඇතුලත් කර ගනිමිනි.

තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම අත් හිටුවන විට අජිත බුද්දිල පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ලබා සිටියේ ය. ඊට අමතර ව මිනූශ මලිත් ද පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූ අතර එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාවය ද වූයේ ය.

මොවුන් දෙදෙනාට අමතර ව ඉෂාර මලිත් ද පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී අමෝද්‍ය අත්තනායක ලකුණු 104කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව නිතික ෆොන්සේකා කඩුලු 2ක් ද සහ යුතික දිල්රුක් සහ උදාන් තේජක කඩුල්ල බැගින් බෙදා ගත් හ.

අනතුරු ව පිටියට පිවිසි කලුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 30ක් ලබා සිටිය හ. එහි දී අමෝද්‍ය අත්තනායක පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ උදාන් තේජක නොදැවී ලකුණු 8ක් ලබා සිටිය හ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 250 (70.2) අශාන් විශ්ව 25, ඉෂාර මලිත් 51, අජිත බුද්දිල නොදැවී 61, මිනූශ මලිත් 59, නිතික ෆොන්සේකා 2/44, අමෝද්‍ය අත්තනායක 4/104

කලුතර විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 30 (12.0) අමෝද්‍ය අත්තනායක නොදැවී 20

මෙම තරගය හෙට (04) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත වේ.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<