පුහුණු වැඩසටහනක් වෙනුවෙන් Wasim Akram ශ්‍රී ලංකාවට

95
Wasim Akram visit sri lanka

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Wasim Akram විසින් දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

අද (01) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි Akram විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් වෙනුවෙන් සහ ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු සැසි පහක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරන්නේ. 

එමෙන්ම මෙම සංචාරය අතරතුර ඔහු විසින් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සූදානම නිරීක්ෂණය කිරීමට ද බලාපොරොත්තු වන බව වාර්තා වනවා. 

මෙමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට අවශ්‍ය විශේෂඥ දැනුම ලබ දීමට මුලපිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. 

Akram විසින් සිය පුහුණු වැඩසටහන් හෙට (02) දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<