කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර 26 වැනි වරට පැවැත්වුණ එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය අද (07) සමත් වුනා.
කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය මලියදේව විද්‍යාලය සතු වූ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
මලියදේවය වෙනුවෙන් තිවන්ක දිසානායක සහ පැහැසර බණ්ඩාර ඉනිම ආරම්භ කළත් ඔවුන් දෙදෙනා ම වැඩි වෙලා නොගොස් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීම සාන්ත ආනා පන්දු යවන්නන් විසින් සමත් වුනා.
කෙසේ වෙතත් මින් පසුව කඩුල්ලට පිවිසි චන්දූප අබේසිංහ විසින් වටිනා ලකුණු 56ක් ලබා ගනිමින් මලියදේව ඉනිමට සාර්ථක අඩිතාලමක් සකසා දුන් අතර, අංක හය පිතිකරු වූ දිමන්ත අරෝශ පිත්තෙන් ද තවත් ලකුණු 56ක් ඉනිමට එක් වුනා.
කෙසේ වෙතත් මලියදේව කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට අද දිනය එතරම් සාර්ථක එකක් නොවූ අතර, ඉනිමට අවශ්‍ය වූ දීර්ඝ ඉනිමක් කරා යාමට කිසිවකුත් සමත් වුනේ නැහැ. මේ අනුව නියමිත පන්දුවාර 50 තුළ ඔවුන්ගේ ඉනිම ලකුණු 232කට සීමා කිරීමට සාන්ත ආනා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
මෙහි දී ආනා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ගීතික ද සිල්වා සහ ජිනජිත් වීරමුණි කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.
- දිලනගේ වේගවත් ඉනිම පීතරයන්ට ජය ගෙන දෙයි
- නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
- සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව ස්ථානය තහවුරු කර ගනී
- විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
- සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්
මලියදේවයෙන් ලද ලකුණු 233ක ඉලක්කය හඹා යාම සඳහා බුද්ධිම නන්දසිරි සහ වගීෂ රණසිංහ පිටියට පිවිසියත් ඔවුන්ට ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මලියදේවයෙන් ඉඩක් හිමි වුනේ නැහැ.
කෙසේ වෙතත් මින් පසුව පිටියට පිවිසි චමිත් සසේන්ජන විසින් සාන්ත ආනා විද්‍යාලයට ජයග්‍රාහී බලාපොරොත්තු රැගෙන එන අන්දමේ ඉනිමකට මුල පිරුවා.
නමුත් සාන්ත ආනා ඉනිමේ 28 වැනි පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, වර්ෂාව නිසා ආනා ඉනිම පන්දුවාර 35කට සීමා කළා. එම පන්දුවාර 35 තුළ ඔවුන්ට ලකුණු 162ක් ලබා ගැනීමට නියමිත වූ අතර, මේ නිසාම ආනා පිතිකරුවන්ට සිය ඉනිම වඩා වේගවත් කිරීමට ද සිදු වුනා.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස මලියදේවයට ඉක්මනින් කඩුලු දවා ගැනීමට හැකියාව ලැබුණු අතර, එතෙක් වේලා සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටි චමිත් ලකුණු 50කට දැවී ගියා. එමෙන්ම තරගය කෙසේ හෝ ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ මහිම කොටුවිල ද ලකුණු 36කට පිටියෙන් ඉවත් ව ගිය අතර, නියමිත පන්දුවාර 35 අවසන් වන විට සාන්ත ආනා පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 139ක් පමණයි.
මෙහි දී මලියදේවය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගයන වීරසිංහ කඩුලු 4ක් දවා ගනිද්දී, දිමත් අබේසිංහ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- හොඳම පන්දු යවන්නා – බුද්ධිම නන්දසිරි (සාන්ත ආනා විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා – දිමත් අබේසිංහ (මලියදේව විද්‍යාලය)
- හොඳම පිතිකරුවා – දිමන්ත අරෝශ (මලියදේව විද්‍යාලය)
- තරගයේ වීරයා – ගයන වීරසිංහ (මලියදේව විද්‍යාලය)
පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<