කොදෙව් ක්‍රිකට් ගොඩගන්න ශ්‍රී ලාංකිකයෙක්

255

හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා. 

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, මේ වන විට ICC ගෝලීය තුන් වෙනි මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද ඔහු සිය සුදුසුකම් සම්පූර්ණ කර ගෙන තිබෙනවා. 

මීට පෙර ඔහු විසින් නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන (පිරිමි) වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ Otago ක්‍රිකට් සම්මේලන ප්‍රධාන පුහුණුකරු සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද සේවය කර තිබෙනවා. 

අයදුම්කරුවන් 53 දෙනෙකු අතරින් සිදු කළ මෙම තෝරා ගැනීම කොදෙව් ක්‍රිකට් නැවත ගොඩ නැගීමේ ප්‍රධානතම පියවරක් බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විසින් සඳහන් කරන්නේ. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<